පසුගිය රජය , කතරගම පෙරහැරේ “දුටුගැමුණු රජතුමාගේ ප්‍රතිමාව” වැඩම කරවීමත් තහනම් කරලා

පසුගිය රජය කාලයේදී කතරගම පෙරහරේ “දුටුගැමුණු රජතුමාගේ “ප්‍රතිමාව ගෙනයාම පවා තහනම් කල බව රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පූජ්‍ය කපුගම සරණතිස්ස හිමියන් පවසනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද උන්වහන්සේ බැහැ දුටු අවස්ථාවේදී මෙම අදහස් පල කලා.

පසුගිය රජයේ හිටපු බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා දුරකථනයෙන් තමන් හා සම්බන්ධ වෙමින් ,මෙම ප්‍රතිමාව රැගෙන නොයන ලෙසට ප්‍රකාශ කල බවත් උන් වහන්සේ කියා සිටියා.

කතරගම දේවාලය ඉදි කරනු ලැබුවේද දුටුගැමුණු රජතුමා විසින් බවයි ඉතිහාසයේ පවා සඳහන් වන්නේ.