හිරුණිකාගෙන් සජිත්ට දෝස්මුරයක්

තනතුරු වලට වඩා තමාට වටින්නේ ජනතා ආදරය සහ පිළිගැනීම බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රත්මලාන ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

පසුගිය ජනාධිපතිවරණයේදී තමන්ට සහයෝගය ලබා දුන් ජනතාවට ස්තුතිය ප්‍රකාශ කිරීමේ තවත් ජන හමුවක් ඊයේ පස්වරුවේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රත්මලානේදී පැවැත්විය.

මේ අතර වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය මත ඉදිරියේදී දැඩි උද්ධමනයක් ඇතිවිය හැකි බව වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා සඳහන් කළේය.