ඉදිරියේදී අපරාධකරුවන් රාජිතව ආදර්ශයට ගන්න පුලුවන්-රෝහිත කියයි

අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබියදී රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා රෝහල් ගත වී සිටිම තුලින් සමාජයට වැරදි ආදර්ශයක් ලබා දෙන බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

බරපතල අපරාධ කරුවන්ද ඉදිරියේදි ඔවුන්ව අත්අඩංගුවට ගැනීමේ රාජිත මන්ත්‍රීවරයා ආදර්ශයට ගනිමින් රෝහල් ගත වුවහොත් රට තුල නීතිය ක්‍රියාත්මක කිරීමට අපහසු වන බවද අමාත්‍යරයා ප්‍රකාශ කළේය.

එම නිසා නීතිය සැමට සමව ක්‍රියාත්මක විය යුතු බව අමාත්‍යවරයා ලෙන්වා දුන්නේය.

ඔහු මේ බව පැවසුවේ අද (30) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“ඊයේ දිනයේ අපි දුටුවා රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා සිදු කරන චිත්‍රපටියේ ප්‍රතිඵල ඔහු විසින්ම නෙලා ගන්න අවස්ථාව.

ඔහුව අධිකරණය විසින් වරෙන්තු නිකුත් කරලා අත්අඩංගුවට ගන්න තිබියදි මේ රටේ හිටපු සෞඛ්‍ය ඇමතිවරයා පුද්ගලික රෝහලක හෘදයාබාධයකින් පෙළි සිටින බවක් පෙන්වන විට එජාපයේ දේශපාලන නායකයින් කියනවා මේක දේශපාලන දඩයමක් කියලා.

දැන් ජනතාව බලනවා මේ රටේ හිටපු සෞඛ්‍ය ඇමති රෝගි‍යෙක්නේ කියලා. මෙයාට සෞඛ්‍ය ඇමතිකම නොවෙයි වනිතා කටයුතු ඇමතිකමවත් දෙන්න හොඳ නැහැ. සියලු රෝග වැළඳුණු කෙනෙක් වෙලා ඔහු. රාජිත සේනාරත්න මෙහෙම රෝගියෙක් නම් මේ රටේ සෞඛ්‍ය කොහොම තියෙන්න ඇතිද.

මේක ආදර්ශයක් ලබාදෙනවා රටට බරපතල ඝනයේ අපරාධ කරපු අයට බේරෙන්න තියෙන හොඳම අවස්ථාව තමයි පුද්ගලික රෝහලකට ඇතුළත් වීම කියලා.

අපි ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලා සිටිනවා මේ විදිහට නීතිය ක්‍රියාත්මක වුණොත් රටේ බරපතළ ඝණයේ අපරාධ සිදු කළ පුද්ගලයින් ගිහින් පුද්ගලික රෝහල් වල නවතියි.

අපිව ජනාධිපති කොමිෂන් සභා වලට ගෙනාවා. අධිකරණයට ගෙන ගියා. හැබැයි අපි ඒවාට මුහුණ දුන්නා. මේ දැන් ඔහුට තියෙන්නේ සිල්ලර දෙයක්. තව තොග වැඩ ගොඩක් තිබෙනවා මෙයාගේ.තව නම් ලැයිස්තුවක් තිබෙනවා මේ අයගේ. ඒවත් දේශපාලන දඩයම්ද කියලා බලන්න.

තමන් කරපු වැරදි වලින් නිවැරදි වෙන්න බැහැ. අධිකරණය නොමඟ යවන්න කටයුතු කරන මේ වගේ මන්ත්‍රීවරු ගැන විශේෂ අවධානයක් යොමු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

මේ වගේ දේශපාලන අනාතයින්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලා සිටිනවා.

ඒ වගේම තමයි සුමන්තිරන් මන්ත්‍රීවරයාට දැන් පුදුම ඇ‍ඟේ අමාරුවක් තියෙන්නේ. එජාප ආණ්ඩුව ගෙදර ගිය දවසේ ඉඳන්.මොකද ඔවුන්ගේ හිතේ තිබුණේ වෙනම ඊළාම් රාජ්‍යයක් බිහිකරගන්න.උතුරු- නැගෙනහිර ඒකට එකතු කරගන්න තිබුණ හොඳම ආණ්ඩුව තමයි යහපාලන ආණ්ඩුව.

දැන් කොන්ද කෙලින් තියෙන ජනාදිපතිවරයෙක් ඉන්න නිසා මුළු රටටම තියෙන්නේ එක නීතියක්.ජාතිවායක් උඩගන්න හදන්නේ ඒ නිසයි. ඒකට ලේසිම ක්‍රමය තමයි ජාතික ගීය අපේ භාෂාවෙන් කියන්න ඕන කියලා.

එල්.ටී.ටී.ඊ එක තිබුණ කාලේ මේ අය කොහේද හිටියේ.සුමන්තිරන්ලා දැන් නැවත බලනවා ජාතිවාදි මානසිකත්වයක් ඇති කරන්න.

බොහොම පැහැදිලිව අපි කියනවා කවුරු වුණත් කමක් නැහැ ත්‍රස්තවාදි ජාතිවාදි කැරැලි ඇති කරන අයට විරුද්ධව කටයුතු කරන්න කියලා.

19 වෙනි සංශෝධනයෙන් මේ රටට වෙලා තිබෙන නස්පැත්තිය ඉවත් කරනන් අපි රජයක් හැටියට කටයුතු කරනවා. ”