කුරුණෑගල සිට ත්‍රිකුණාමලය දක්වා ගමන් කරමින් තිබු පුද්ගලික බස් රථයක ගමන් ගත් මගී කාන්තාවකට මත්පෙති වර්ගයක් දැමු බීම වර්ගයක් බිමට දී එම කාන්තාවගේ මුදල් හා රන් භාණ්ඩ සොරකම් කළ පුද්ගලයෙක් පොලිසිය විසින් අද (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම කාන්තාව ත්‍රිකුණාමලය, කොඩ්බේ ධිවර ගම්මානයේ පදිංචි කාන්තාවක් වන අතර ඇය ත්‍රිකුණාමලය දක්වා ගමන් කරමින් සිටියදී යාබද අසුනේ සිටි 45 හැවිරිදි සැකකරු එම කාන්තාව සමග මිතුරුවී කතා බස් කරමින් පැමිණ තිබෙනවා. පසුව ඔහු විසින් මත්පෙති දමන ලද බීම වර්ගයක් එම කාන්තාවට බිමට සලස්වා ඇය සතුව තිබු රුපියල් 129,000 ක මුදලක් සහ රුපියල් 550,000ක් වටිනා රන් භාණ්ඩ සොරා ගෙන තිබෙනවා.

අදාළ කාන්තාව මත්පෙති දැමු බීම වර්ගය පානය කිරීමත් සමග සිහිමුර්ජා වීම හේතුවෙන් බස් රථයේ මගීන් විමසිලිමත්වී අදාළ සැකකරු අල්ලා ගෙන කන්තලේ පොලිසියට භාරදී ඇති බව සඳහන්.

මෙලෙස පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද්දේ දිවුලන්කඩවල, මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ය. ඔහු හෙට (12) දිනයේදී කන්තලේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

Leave a Reply

  Subscribe  
Notify of