මඩාටුගම ප්‍රදේශයේ ගල්තලාවක සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය ඇතුළත් පාර්සලයක් අද (11) දහවල් ආරක්ෂක අංශ මගින් සොයාගෙන තිබෙනවා.

මඩාටුගම මුස්ලිම් ගම්මානය පසුපස පිහිටි රක්ෂීතයක ඇති ගල් කන්දක වූ ගල් කුහරයක් තුළ සඟවා තිබීයදී එම සැකකටයුතු  පාර්සලය සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. සිදුකළ මූලික විමර්ශණ අනුව එම පාර්සලයේ පුපුරණ ද්‍රව්‍ය අඩංගු බවට ආරක්ෂක අංශ මේවනවිට තහවුරු කරගෙන ඇත.

කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් කිසියම් අපරාධයක් සදහා යොදා ගැනීමේ අරමුණීන් මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය රහසිගතව මෙම ගල්තලාවේ සඟවා තබන්නට ඇතැයි ආරක්ෂක සැක කරන අතර එම පාර්සලය මීට මාස ගණනකට ඉහතදී එම ස්ථානයේ සඟවන්නට ඇති බවට ද ආරක්ෂක අංශ අනුමාන කරනවා.

සිද්දිය සම්බන්ධයෙන් කැකිරාව පොලිස් ස්ථානය මගින් මූලික විමර්ශණ ආරම්භ කර ඇත. පොලිස් විශේෂ කාර්ය බලකායේ හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහය ඇතිව එම අඩංගු පාර්සලයේ අඩංගු පුපුරන ද්‍රව්‍යයන් සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි ක්‍රීයා මාර්ග ගැනීමට මේ වනවිට පොලිසිය කටයුතු කරමින් සිටී.
  
මින් පෙර ද අවස්ථා කිහිපයකදී මඩාටුගම ප්‍රදේශයේ ආගමික ස්ථාන ඇතුලු ස්ථාන කිහිපයක තිබී අධීබලැති පුපුරණ ද්‍රව්‍ය හා වෙනත් අවි ආයුධ රැසක් හා ඒ සම්බන්ධ සැකකරුවන් රැසක් ද ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.

Leave a Reply

  Subscribe  
Notify of