ගෝඨා රුසියාවෙත් හිත දිනා ගනී..රුසියන් විදේශ ඇමති ලබන මස දිවයිනට

රුසියානු විදේශ අමාත්‍ය සර්ගි ලැව්රෝව් මහතා ලබන ජනවාරිමස 14 වනදා සිට මෙරට සංචාරයක නිරත වීමට ඇත.

එම සංචාරය තුළ දී රුසියානු විදේශ අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එමෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ මෙරට විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ ද රුසියානු විදේශ අමාත්‍ය සර්ගි ලැව්රෝව් මහතා සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සංචාරය තුළදී රුසියාව සහ ශ්‍රි ලංකාව අතර පවතින වර්තමාන සබඳතාවය මෙන්ම ආර්ථික, මානුෂීය හා වෙනත් ක්ෂේත්‍රවල සහයෝගීතාවය වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙනු ඇති.

මෙරට සංචාරයෙන් අනතුරුව රුසියානු විදේශ අමාත්‍ය සර්ගිලැව්රෝව් මහතා ජනවාරි මස 15 වනදා ඉන්දියාවේ සංචාරයකද නිරත වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Ada Derana