සුදු වෑන් ගැනයි හොයන්න ඕනේ.නැතුව රාජිතව අත් අඩංගුවට ගන්න එක වැරදියි (VIDEO)

මාධ්‍ය හමුවකදී හෙළිකළ සුදු වෑන් සිද්ධි සම්බන්ධයෙන් විමර්ශන සිදුනොකර, එම මාධ්‍ය හමුව කැඳවූ පුද්ගලයා සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම ගැටළු සහගත බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂය අද කොළඹදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්විමින් ඒ මහතා මෙසේ පැවසීය.

“සුදු වෑන් කතාව ඊයේ පෙරේදා ආපු එකක් නෙවෙයි..ඒක අපේ සමාජේ අවුරුදු 10ක විතර ඉදලා තියෙන කතාවක්.

කවුරු හරි ඇවිල්ලා මම ඒ ක්‍රියාවට සම්බන්ධයි, මමයි ඒක කළේ කිව්වහම ඒ සිද්ධිය ගැන හොයලා බලන්න ඕනේ.

නැතුව සාකච්ඡාව සංවිධානය කරපු මන්ත්‍රීවරයාව අත්අඩංගුවට අරන් වැඩක් නෑ

-ADA DERANA –