ජනපති ගෝඨාභයත් එක්ක වැඩ කරන්න ලේසියි.ජාතික ආණ්ඩුවක් හදන්න පුලුවන්නම් හොඳයි

නැවතත් සියලු දෙනාම එක්ව වැඩ කළ හැකි ජාතික ආණ්ඩුවක් ඇතිවෙනවා නම් හොඳයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග එක්ව වැඩ කිරීමට ගැටලුවක් නැහැ’’ යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක පවසයි.

ඔහු එසේ පැවැසුවේ රක්ෂිත බන්ධනාගාරගතව සිටින එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර බැහැ දැකීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවැසීය.

‘‘එක්සත් ජාතික පක්ෂයේ ප්‍රශ්න හන්දි ගානේ කතා කරලා වැඩක් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රශ්න වැඩිපුර අවුස්සන්නේ මාධ්‍ය. නව මුහුණුවරකින් 2020 පක්ෂය ජයග්‍රහණය කරවීමට ශක්තිමත්ව වැඩ කරනවා.’’

රේමන් අපෝන්සු – මීගමුව