ශ්‍රී ලංකාවේ උසම සිතුවම කටුගස්තොටදී ඉදිවේ

දිවයිනේ විවිධ ස්ථානවල මේ දිනවල සිතුවම් නිර්මාණය වනවා.

මෙම් සිතුවම් අතර දැනට උසින් වැඩිම සිතුවම පසුගියදා නිර්මාණය වූවා.ඒ කටුගස්තොට නගරයේදී.මහවැලි ගඟ අසල නව පාලමේ ආරම්භක ස්ථානයේදී ඉදි කෙරුණු මෙම සිතුවමේ උස අඩි 60ක් වන අතර අඩි 40 ක පළලකින් යුක්ත වනවා.

කන්ද උඩරට බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ වූ ශ්‍රී දළඳා මාළිගාව,සිංහලයේ අවසන් රජු සහ ජාතිකත්වය මෙම සිතුවම් වලින් නිරූපනය වනවා.

මෙම ස්ථානය හඳුන්වනු ලබන්නේ “උතුරු වාහල්කඩ දොරටුව” නමිනුයි.

එයට හේතුව වන්නේ මහනුවරින් ආරම්භ වී ගමන් උතුරට ගමන් කරනා සියලූම බස් රථ සහ වාහන් මෙම ස්ථානයෙන් ගමන් කිරීමයි.

මහා සංඝරත්නයේ අනුශාසනා සහ ප්‍රදේශයේ තරුණ තරුණියන් ,ව්‍යාපාරිකයින් ඇතුලු ප්‍රජාවගේ දායකත්වය මත මෙම සිතුවම ඉදිවී තිබුනා.

මේ එහි ජායාරූප කිහිපයක්