මහ මැතිවරණය ජයගන්න එජාපයට වැඩි ඉඩක් තිබෙනවා

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයට වැඩි අවස්ථාවක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් .පී පෙරේරා මහතා පවසයි.

මන්ත්‍රිවරයා පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් බහුතර බලයක් ලබාගෙන ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන බවයි.

කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් අජිත් පීපෙරේරා මන්ත්‍රිවරයා මෙම අදහස් පළ කළේය.