මගීන්ගෙන් මුදල් ගසා කන අර්ධ සුඛෝපභෝගි බස් සේවාව අනවශ්‍ය බව සමීක්ෂණයකිනුත් හෙළිවේ

සෙමි ලක්සරි හෙවත් අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අහෝසි කිරීමට සියළු කටයුතු සූදානම් කර ඇති බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පවසනවා.

ඒ, සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර පාර්ශව ගණනාවක් සමග සාකච්ඡා පවත්වා ඇති බවයි එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

ජාතික ගමනාගමන කොමිසම විසින් මගින් දස දහසක් ආශ්‍රිතව මේ සම්බන්ධයෙන් මත විමසීමේ සමීක්ෂණයක්ද සිදු කර තිබෙනවා.

එම සමීක්ෂණයට සහභාගී වූ මගී ජනතාවගෙන් සියයට සියයකගේම අදහස වී ඇත්තේ අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අහෝසි කළ යුතු බවයි මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය සඳහන් කළේ

Nethnews.lk