පිටරට නම්බර්ස් වලින් එන ඇමතුම් වලට මිස් කෝල් දුන්නම සල්ලි කපාගන්නා ජාවාරමක් හෙළිවේ

ශ්‍රී ලංකාව ඇතුළු ලොව රටවල් කිහිපයකම දුරකථන ග්‍රාහකයින් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන වංචාවක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බව Economic Times වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා.

අප්‍රිකාව සහ මොරොක්කෝ රාජ්‍යයේ දුරකථන අංක වලින ලැබෙන මෙම දුරකථන අංක වෙත ආපසු ඇමතුම් ගැනීමෙන් එම ඇමතුම් ලබා ගන්නා පුද්ගලයින් ගේ දුරකථන බිල්පත් අසාමාන්‍ය ලෙස ඉහළ යන බවටයි වාර්තා වන්නේ.

+2356462532, +212621-001782 සහ +212621001782 යන දුරකථන අංක ඔස්සේ මෙම ජාවාරම සිදුවන අතර එම වංචනික ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින් විසින් දුරකථන “මග හැරෙන ඇමතුම්” (Missed call) ලබාදීම සිදුකරයි.

එලෙස ලබා දෙන මගහැරෙන දුරකථන ඇමතුම් වලට ග්‍රාහකයින් ආපසු ඇමතීමේදී එම ඇමතුම් “Premium callback” සේවාව යටතේ ලැයිස්තුගත කර තිබෙන අතර ඒ හේතුවෙන් ලබාගන්නා දුරකථන ඇමතුම් ඔස්සේ මුදල් ලබා ගැනීමක් අදාළ කණ්ඩායම සිදුකරනු ලබන බවයි හෙළිවී ඇත්තේ.

මෙම ගාස්තු ” වාරික සේවා, ජාත්‍යන්තර ඇමතුම් හෝ ගාස්තු ඇමතුම්” යනුවෙන් දුරකථන බිල්පත්හි පෙන්නුම් කරන බවයි අමෙරිකානු ෆෙඩරල් සන්නිවේදන කොමිෂන් සභාව දුරකථන ග්‍රාහකයින්ට අනතුරු අඟවා සිටින්නේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවෙන් අප සිදුකළ විමසීමකදී එහි නිලධාරිනියක් ප්‍රකාශ කරේ එවැනි සිදුවීම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා පළවන බවත් මේ දක්වා ලිඛිත පැමිණිල්ලක් ලැබී නොමැති බවයි. යම් හෙයකින් එවැනි වංචාවකට ගොදුරුවූ දුරකථන ග්‍රාහකයින් ලිඛිත පැමිණිල්ලක් සිදුකල හොත් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කලේ.

-nethnews.lk-