චම්පිකගේ සහායට ආ ස්විස් කත වෙනුවෙන් පෙනී සිටි මංජුල් පෙරේරා අත් අඩංගුවට !

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මාධ්‍යවේදියෙකුට පහරදීමේ චෝදනාව සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැළණිය එක්සත් ජාතික පක්ෂ හිටපු ආසන සංවිධායක බෙවන් පෙරේරාගේ පුත්‍රයා බවයි කෙසෙල්වත්ත පොලිසිය සදහන් කරන්නේ.

පසුගියදා පැහැර ගැනීමට ලක්වූ ගානියා බැනිස්ටර් ෆ්‍රන්සිස් ගේ නියෝජිතවරයා ලෙසට ද මංජුල පෙරේරා පසුගිය දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසලදී මාධ්‍ය හමුවේ පෙනී සිටියා.