ඊයේ සහල් මිල සොයා බැලූ ජනපති , අද සහල් මිල 98 ට බස්සති

සහල් සඳහා වූ පාලන මිල රුපියල් 98ක් බව සඳහන් කරමින් නව ගැසට් පත්‍රයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අද (19 වැනිදා) නිකුත් කිරීමට නියමිත බව අභ්‍යන්තර වෙළෙඳ ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊයේ දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නාරාහේන්පිට ආර්ථික මද්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එකතු වූ අතර එහිදී සහල් මිල පිලිබඳව එතුමාගේ විශේෂ අවධානය යොමු විය.