එජාපය හොඳයි කියූ MCC ගිවිසුම වහාම ඉවත් කරන්නැයි සජිත් කියයි

ජනාධිපතිවරණය සමයේදී මහත් ආන්දෝලනයට තුඩු දුන් MCC ගිවිසුම වහාම ඉවත් කරන්නැයි සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

පසුගිය රජයේ මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ චම්පික රණවක යන අමාත්‍යවරුන් මෙම ගිවිසුම වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටි අතර ඔවුන් මැතිවරණ වේදිකාවේදී පවා මෙම ගිවිසුම ක්‍රියාත්මක කල යුතු යැයි ප්‍රකාශ කර සිටියා.

එවැනි තත්වයක් තුල මෙම ගිවිසුම අනවශ්‍ය බවට සජිත් ප්‍රේමදාස මහතා සිදු කරන මෙම ප්‍රකාශය පරස්පර එකක්ද වනවා.

කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම ගිවිසුම අධ්‍යානය කිරීමට කමිටුවක්ද මේ වන විට පත් කර තිබෙනවා.