නාම යෝජනා දෙන වෙලාවේ සජිත් හිටියේ ගෝඨාට වඩා 4%ක් පසුපසින්

පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජය පිලිබඳව එහි මන්ත්‍රී අජිත් පෙරේරා මහතා ඊයේ කරුණු දැක්වූවා.ඒ හිරු ටීවි වැඩසටහනේ විකාශනය වූ සලකුණ වැඩසටහනේදී යි.

එහිදී එජාප සංවිධායක නවීන් දිසානායක මහතා දැක්වූ අදහසකට ප්‍රතිචාර දක්වමින් ඔහු කියා සිටියේ නාම යෝජනා දෙන අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර පැවතියේ 4% ක පරතරයක් බවයි.

තමන් ඇතුලු පිරිස ජයග්‍රාහී මානසිකත්වයෙන් කටයුතු කලේ ඒ නිසා බවද ඔහු පැවසූවා.