ජනපති ගෝඨාභය හදිසියේ රාජ්‍ය ආයතනයකට කඩා වැදෙයි

sinhala.adaderana.lk Logo
ENGLISH
தமிழ்

ජනපති ගෝඨාභය රාජ්‍ය ආයතනයකට හදිසියේ කඩාවදියි

ජනපති ගෝඨාභය රාජ්‍ය ආයතනයකට හදිසියේ කඩාවදියි
December 16, 2019 07:27 pm

රජයක් නිසි මඟට යොමු කිරීමට මාධ්‍යයකට කළ හැකි බලපෑම ඉතා පුළුල් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

විචේචන අපේක්ෂා කරන අතර එය රජයේ නිවැරදි ගමනට ශක්තියක් වන බව පැවසූ ජනාධිපතිවරයා මාධ්‍යයද සෑම විටම නිවැරදි දේ සහ සත්‍ය වෙනුවෙන් සිය පෑන හසුරුවනු ඇතැයි අපේක්ෂා කරන බවද සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍යෙව්දීන් හා පුවත්පත් කතෘවරුන් සමග අද පැවති හමුවකදීය.

ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා අද(16) ජනාධිපති කාර්යාලයේ දී පුවත්පත් කතෘවරුන්, විද්‍යුත් මාධ්‍ය අධ්‍යක්ෂවරුන් සහ මාධ්‍යෙවේදීන් හමුවුණි.

එහිදී වත්මන් රජය ජනතාවට දුන් බදු සහන ගැන සඳහන් කළ ජනාධිපතිවරයා රජය බලයට පත්ව ඉතා කෙටි කාලයක් ඇතුළත සහන රැසක් ලබා දුන්නද එහි වාසිය තවමත් මහජනතාවට ලැබී නොමැති බව පෙන්වා දුන්නේය.

බදු සහන ප්‍රතිලාභ ජනතාවට ලබා නොදෙන මහා පරිමාණ සමාගම් හා සුළු පරිමාණ ව්‍යාපාරිකයන් පිළිබඳ තොරතුරු හෙළිකරන්නැයිද ජනාධිපතිවරයා මාධ්‍යෙව්දීන්ගෙන් ඉල්ලීමක් කළේය.

එම්.සී.සී. ගිවිසුම අධ්‍යයනය කිරීමට විද්වත් කමිටුවක් පත් කිරීමට අපේක්ෂා කරන බව ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිතුමා පැවසුවේය.

ස්විස් තානාපති කාර්යාලයට සම්බන්ධ සිද්ධිය ගැන මතු කළ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිතුමා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් ස්විස් තානාපති කාර්යාලය කළ මැදිහත්වීම වරදක් ලෙස තමා නොදකින බවයි.

තම කාර්ය මණ්ඩල නිලධාරිනියකට හිරිහැර විනැයි වාර්තා වූ විට එය සොයා බැලීම තානාපති කාර්යාලයේ වගකීමක් යැයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

“මෙම චෝදනාවේ කිසිදු සත්‍යතාවක් නොමැති බව පෙන්වා දන් ජනාධිපතිවරයා මෙතෙක් කළ පරීක්ෂණ අනුව එය තහවුරු වී ඇති බව සඳහන් කළා.“

ප්‍රතික්ෂේප කළ නොහැකි සාක්ෂිවලින් ඒ බව සනාථ වුණා. චෝදනා මතුවීමත් සමග විදේශ මාධ්‍ය පළ කළ ප්‍රවෘත්තිවලින් පැහැදිලි වනුයේ එම සිදුවීම පිටුපස කුමන්ත්‍රණයක් තිබු බව” යැයි ජනාධිපතිතුමා පැවසීය.

“අසත්‍ය චෝදනා නැගීම, කිසිවක් සොයා නොබලා සාවද්‍ය ප්‍රකාශ කිරීම වත්මන් දේශපාලන සංස්කෘතියේ ප්‍රධාන ලක්ෂණයක්. ජනතාව මේ හානිකර චර්යාව ප්‍රතික්ෂේප කරමින් සිටිනවා. මම ද උත්සාහ කරන්නේ බොරුව මත පදනම් වන සංස්කෘතිය අවසන් කරන්න” යැයි රාජපක්ෂ මැතිතුමා කියා සිටියේය.

ඉදිරි මැතිවරණ පිළිබඳව මාධ්‍යෙව්දීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජානාධිපතිතුමා පාර්ලිමේන්තු මැතිවරණය මේ මාර්තු මාසයේදී පැවැත්වීමෙන් පසු පළාත් පාලන මැතිවරණය ද පැවැත්වීමට අපේක්ෂා කරන බව කීය. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තුනෙන් දෙකක බලයක් ලබා ගනිමින් ස්ථාවර රජයක් ගොඩනැංවීමට ජනාධිපතිවරයා ලෙස කැපවීමෙන් කටයුතු කරන බව ද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පැවසීය.

19වන ව්‍යවස්ථා සංශෝධන පිළිබඳව ද ජනාධිපතිතුමාගෙන් විමසනු ලැබීය. එවැනි සංශෝධනයන් සමග රජයක් ගෙන යාමේ අසීරුව පසුගිය කාලය තුළ මනාව තහවුරු වූ බව පැවසු ජනාධිපතිතුමා දේශපාලනයේ පරිනත නායකයන් විසින් එවන් සංශෝධනයක් කිරීම පිළිබඳව තමා පුදුමයට පත්වු බවද කියා සිටියේය.

අතුරුදන්වුවන්ගේ ප්‍රශ්නය දේශපාලනීකරණය වීම හේතුවෙන් ජනතාවට සාධාරණය ඉටු කිරීම ප්‍රමාද වි තිබෙන බව එතුමා කීය. උතුරේ ඇතැම් දේශපාලන කණ්ඩායම් සිය දේශපාලන ශක්ති ගොඩනගා ගැනීමට මේ ප්‍රශ්නය භාවිතා කරන බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා.

” රටේ ජාතික සමගිය ආරක්ෂා වන්නේ ජාතික ආරක්ෂාව ශක්තිමත්වූ තරමටය. රටේ ආරක්ෂාව ප්‍රමුඛ වන අතර ඊට අවශ්‍ය පරිසරය ස්ථිර වශයෙන්ම ගොඩනගනවා.” ජනාධිපතිතුමා

මේ අතර අඩු පහසුකම් සහිතව ක්‍රියාත්මක කෙරෙන බිම් සවිය වැඩපිළිවෙළට මෙහිදී ජනාධිලති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇගයීමට ලක්වුණි.

මේ අතර රාජ්‍ය ආයතනවල කටයුතු කාර්යක්ෂමව සිදුවේදැයි සොයා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෑම රාජ්‍ය ආයතනයකටම නොදන්වා ගොස් එහි කටයුතු නිරීක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් අද සිට ආරම්භ කළා.

ඒ අනුව අද පළමුවෙන්ම ජනාධිපතිවරයා පැමිණියේ ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවටයි.

එමදෙපාර්තමේන්තුවේ කටයුතු සොයාබැලීමේදී ජනාධිපතිවරයාට දැනගන්නට ලැබුණේ එම ආයතනය ඉතා කාර්යක්ෂමව ජනතාවට සේවා සපයන බවයි.

බිම් සවිය ව්‍යාපෘතිය ඉතා හොඳ ව්‍යාපෘතියක් වන බැවින් එම කටයුතු සර්ථකව ඉදිරියට ගෙන යාම සඳහා තම සහය ලබා දෙන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී නිලධාරීන්ට පොරොන්දු වුණා.

මේ අතර ඉදිරි දිනවලදී අනෙකුතු රාජ්‍ය ආයතනවලටද ජනාධිපතිවරයා නොදන්වා ගොස් එහි කටයුතු කාර්යක්ෂමව සිදුවන්නේ දැයි සොයාබැලීම සිදු කිරීමට නියමිතයි.

අද දෙරණ