කොළඹ බන්ධනාගාරයේ රදවා සිටි කාත්තන්කුඩි ප්‍රදේශයේ 18 හැවිරිදි තරුණයෙක් මිය ගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පසුගිය පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුකළ සහරාන් හෂිම් ගේ අනුගාමිකයෙක් බවට සැකකෙරෙන කාත්තාන්කුඩි 1 හි නූර් මුහම්මද් පටුමගෙහි ජෙයිනුලාබ්දීන් මුහම්මද් ජෙසීල් (18) යන අයයී.

මෙම තරුණයා ජීවිතක්ෂයට පත් වී ඇති බවට කාත්තාන්කුඩි පොලිසිය විසින් අදාල තරුණයාගේ නිවසට දැනුම් දී තිබෙනවා.

පසුගිය අප්‍රේල් 21 පාස්කු ඉරුදින සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් පසු සහරාන් කණ්ඩායමේ සැකකරුවෙකු ලෙස මෙම තරුණයා අත්අඩංගුවට ගෙන කොළඹ රඳවා තිබුණා.

මියගොස් සිටින තරුණයාගේ සොහොයුරාද සැකකරුවෙක් ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.