ආසියානු විවාහක රූ රැජිණත් අපේ රටෙන් බිහි වේ (PHOTOS)

2019 ආසියානු විවාහක රූ රැජින කිරුළ හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ සමන්තිකා කුමාරසිංහ ඊයේ සමත් වුණා.

ඒ, රටවල් 21ක තරගකාරියන්ගේ සහභාගීත්වයෙන් මියන්මාරයේ පැවති 2019 ආසියානු විවාහක රූ රැජින අවසන් තරගයේදීයි.

2019 ආසියානු විවාහක රූ රැජින කිරුළ දිනූ සමන්තිකා කුමාරසිංහ වේයන්ගොඩ පදිංචි 38 හැවිරිදි එක්දරු මවක්.

කිරුළ හිමිකරගත් සමන්තිකා කුමාරසිංහ හෙට පෙරවරු 11ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් මව්බිමට පැමිණීමට නියමිතයි.