අනතුරින් පසුව ඇමති චම්පිකගෙන් සාධාරණයක් වුනේ නැහැ (VIDEO)

තමාට එරෙහි දේශපාලන පළි ගැනීම්වලට බිය නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

2016 වසරේදී තරුණයෙකු රිය අනතුරකට ලක් කීරීම සම්බන්ධයෙක් පවත්වන විමර්ශනවලට අදාළ පාඨලී චම්පික රණවක මන්ත්‍රිවරයගේ විදෙස් ගමන් තහනම් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

මේ සම්බන්ධයෙන් අද (14) කොළඹ කැඳවා තිබු මාධ්‍ය හමුවකට එක්වෙමින් පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් දැක්වීය.

මේ අතර මන්ත්‍රිවරයා පැදවු ජීප් රථයට යටවීමෙන් තුවාල ලැබු තරුණයා මේ වනවිටත් ආබාධ තත්ත්වයෙන් සිටියි.

ඒ සම්බන්ධයෙන් අද දෙරණ වාර්තාකරු කළ විමසීමකදී අනතුරට ලක් වු තරුණයාගේ පියා පැවසුවේ තම එකම දරුවා සුවපත් කර දිම සඳහා පසුගිය රජයෙන් කිසිදු සහයක් නොලැබුණ බවයි.

නමුත් ප්‍රථිකාර කටයුතු සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබා දුන් බවත් නමුත් තම එකම පුතුගේ ප්‍රථිකාර කටයුතු සඳහා එම මුදල් ප්‍රමාණවත් නොවන බවත් ඔහු ප්‍රකාශ කළේය.

ඒ සම්බන්දයෙන් අදහස් දැක්වු අනතුරට ලක්වු සන්දීප් සම්පත් තරුණයාගේ මව පැවසුවේ අනතුරින් පසුව පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා හමුවීමට ගියද එයින් ප්‍රතිපලයක් නොවුන බවයි.

උපුටා ගැනීම -අද දෙරණ