කෝටි 300 ක් වැය කරලා රාජිත නෙවිල් ප්‍රනාන්දු රෝහලත් නඩත්තු කරලා

2017 වසරේදී නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්නා බවට කැබිනට්‌ පත්‍රිකාවක්‌ ඉදිරිපත් කර කැබිනට්‌ මණ්‌ඩලය ද නොමඟ යවා එම පෞද්ගලික රෝහල වසරකට රුපියල් ලක්‌ෂ 30,000 කට අධික රජයේ මුදලක්‌ වැය කරමින් නඩත්තු කිරීමෙන් එවකට සෞඛ්‍ය අමාත්‍ය ධුරය දැරූ රාජිත සේනාරත්න මහතා බරපතළ මූල්‍ය අපරාධයක්‌ සිදුකර ඇති බවට ජාතික නිදහස්‌ පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා ඊයේ (13 දා) පොලිස්‌ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්‌a ඉදිරිපත් කළේය.

පැමිණිල්ල පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය (එµa. සී අයි. ඩී) වෙත ඉදිරිපත් කිරීම සඳහා ඒ මහතා එම කොට්‌ඨාසය වෙත පැමිණි අතර එහි නිලධාරීන් පැමිණිල්ල භාර ගැනීමට නොහැකි බවත් එය සී. අයිs. ඩී. යට ඉදිරිපත් කරන ලෙසත් දැන්වීය. ඉන්පසු අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි ජානිපෙ ප්‍රචාරක ලේකම්වරයා තම පැමිණිල්ල එහි අධ්‍යක්‌ෂවරයා වෙත භාර දුන්නේය.

ඒ මහතා අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබූ ලිත පැමිණිල්ලේa මෙසේaaaa ද සඳහන්ය.

“අවුරුදු 10 ක කාලසීමාව යන තෙක්‌ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල රජයට පවරා ගැනීමක්‌ සිදු කළ නොහැකි බව දැනදැනම කැබිනට්‌ මණ්‌ඩලය නොමඟ යවමින් ද එය රජයට පවරා ගැනීමට කැබිනට්‌ පත්‍රිකාවක්‌ ඉදිරිපත් කරමින් ද හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා බරපතළ මූල්‍ය අපරාධයක්‌ සිදු කොට ඇති බවට සාක්‌ෂි සහිතව මා හට කරුණු ඉදිරිපත් කළ හැකිව තිබේ.

ඉහත කී කැබිනට්‌ පත්‍රිකාවට අනුමැතිය ලබා ගෙන ඔහු විසින් පෞද්ගලික රෝහලක්‌ වන නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙනුවෙන් වැය කොට ඇති රජයේ මුදල් හා සම්පත් ප්‍රමාණය අතිමහත්ය. එම පෞද්ගලික රෝහලට රජයේ හෙදියන් හා වෙනත් රෝහල් කාර්ය මණ්‌ඩල යොදවා ඔවුන්ට රජයේ වැටුප් ගෙවා ඇති අතර ඒ සඳහා යොදවා ඇති මුදල රුපියල් මිලියන 27 කට ආසන්නය. මාසිකව නෙවිල් ප්‍රනාන්දු රෝහලේ පරිපාලන වියදම් වෙනුවෙන් රුපියල් මිලියන 200 ක්‌ ද ඖෂධ ලබා ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 50 ක්‌ ද වැය කොට ඇත. ඒ අනුව වසරකට රුපියල් මිලියන 3000 ක රාජ්‍ය මුදල් අවභාවිතාවක්‌ මෙම තැනැත්තා විසින් සිදුකොට ඇත.

ලසිත දුමින්ද