දෙමළ දේශපාලකයෝ කොළඹට වෙලා සැප ගනිද්දී,විපතට පත් උතුරේ වැසියන්ගේ සහයට රණවිරුවන් එක් වේ

වැසි ආපදා හේතුවෙන් අවතැන් වී තාවකාලික කදුවුරුවල රැදී සිටින උතුරේ වැසියන්ට සහන සැපයීම සඳහා හමුදා භට පිරිස් තවදුරටත් කටයුතු කරමින් සිටිනවා.

අවතැන්ව කදුවුරුවල රැදී සිටින උතුරේ වැසියන්ට පිසූ ආහාර ලබා දෙන්නේද හමුදාවන්ගේ මැදිහත් වීමෙන්.

මේ අතර ඌව සහ නැගෙනහිර පළාත්වලටත් යාපනය මුලතිව්, කිළිනොච්චි, හම්බන්තොට, අනුරාධපුර සහ පොලොන්නරුව යන දිස්ති‍්‍රක්කවලටත් අද දිනයේද වැසි අපේක්ෂ කෙරෙනවා.

සබරගමුව බස්නාහිර සහ වයඹ යන පළාත් වලට පස්වරු 01න් පමණ පසු වැසි ඇති විය හැකියි.

Nethnews.lk