සිරිපා වන්දනාව අරඹා දවසක් යන්නටත් පෙර “සැදැහැවත් පිරිස්” සිරිපා භූමිය කුණු ගොඩක් බවට පත් කරයි

උඳුවප් පොහෝ දිනයත් සමඟින් ආරම්භ වන සිරිපා වන්දනවා ඊයේ දිනයේදී ආරම්භ වූවා.එලෙස ඇරඹි සිරිපා කරුණාව ලබන වෙසක් පුර පසලොස්වක පොහෝ දිනය වන තුරුම පැවැත්වනවා.

නමුත් මෙවර සිරිපා වන්දනාව ආරම්භ වී දිනයක් ඉක්ම යන්නටත් පෙරම එම භූමිය කැලි කසලින් සහ ප්ලාස්ටික් ,පොලිතීන් වලින් අපවිත්‍ර කර ඇති ආකාරය දක්නට ලැබෙනවා.

පූජා භූමියක් මෙන්ම රක්ෂිත ප්‍රදේශයක්ද ආශ්ත්‍රිතව පිහිටා ඇති මෙම සංවේදී පරිසර කලාපය රැක ගැනීම සියලු දෙනාගේම වගකීම වුවද ඇතැම් පිරිස්ගේ මෙම නොමනා ක්‍රියාවන් නිසාවෙන්ම මෙම පිංබිම ශ්‍රී ලංකාවට අහිමි වී යාමේ දිනය වැඩි ඈතක නොවනු ඇති.