රටේම නම කන කටුනායක ගුවන්තොටුපොලේ ත්‍රී රෝද රථ රියදුරන්ගේ ජාවාරම

රටක ජාත්‍යන්තර ගුවන් තොටුපොල යනු එරටට පිවිසෙන විදෙස් ජාතිකයින් එම රට ගැන ඇති කරගන්නා පලමු හැඟීමයි.නොඑසේනම් රටෙහි ප්‍රතිරූපයේ කැඩපතක් වනුයේ ගුවන් තොටුපොලයි.

එම නිසා ගුවන් තොටුපොළේ මෙන්ම ඒ ආශ්‍රිත සියලූම සේවාවන් ඉතා පලදායක සහ ගුණාත්මක ආකාරයෙන් පවත්වා ගෙන යාමට සෑම රටක්ම නිතරම කටයුතු කරති.

එහෙත් ශ්‍රී ලංකාවේ ඇති එක්තරා කණගාටුදායක සේවාවක් නිසාවෙන් රටේ නම කැත වන ආකාරය අප විසින් මෙසේ ඔබට ඉදිරිපත් කරන්නෙමු.

මෙය එක්තරා ආකාරයක මාෆියාවකි.කටුනායක ගුවන් තොටුපොළෙන් එලියට එන මගීන්ව ,කපුටන් සේ ඩැහැ ගැනීමට බලා සිටිනා ත්‍රී රෝද රථ රියදුරන් නිසා විදෙස් ජාතිකයින් දැඩි ලෙස අපහසුතාවයට පත් වන බව ගුවන්තොටුපළ ට එක් වතාවක් හෝ ගිය අයෙකු අත් විඳින්නට ඇති.

පිලිගත් කුලී රථ සේවාවන්හි රියදුරන්ට සිය සේවාව කරගෙන යාමට ඉඩ නොදමින් ,චන්ඩීන් සේ හැසිරෙන මෙම ඇතැම් ත්‍රී රෝද රථ රියදුරන්, සමස්ත ත්‍රී රෝද කර්මාන්තයටම නිගාවකි.

එබැවින් මෙම ගැටලුව දෙස ගුවන් තොටුපොළ භාර ප්‍රසන්න රණතුංග මහතා අවධානය යොමු කරනු ඇතැයි අප බලාපොරොත්තු වන්නෙමු.

මන්ද මෙම මුග්ධ පිරිස් නිසා අහිමි වනුයේ රටට එන සංචාරකයින් පමණක් නොවේ.රටේ හොඳ නමද එයින්ම දිය වී යයි.

මේ එලෙස විදේශිකයෙකුට මුහුණ දෙන්නට වූ එක් සිදුවීමක් පමණි.