මිනිසුන්ට හිරිහැර වන සේ හැසිරුන වන අලියෙකු අල්ලා ගස් බැඳලා..වන ජීවි එකෙන් අමුතුම වැඩක්

ඇළහැර බකමූණ කුමාර ඇල්ල ප්‍රදේශයේ ජන ජීවිතයට හානි වන ලෙසින් හැසිරුණු වන අලියා අල්ලා ගස් බැඳීමට 12 දින අලුයම් කාලයේ වනජීවී නිලධාරීන්ට හැකි වී තිබේ.

පසුගියදා එම ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ සිටි පුද්ගලයකු පහරදී ඝාතනය කොට නිවාස කිහිපයක් කඩා බිඳ දැමීම සහ වගාවන් රැසකට මෙම තනි අලියා හානි කළේ යැයි චෝදනා කරමින් ප්‍රදේශවාසීහු උද්ඝෝෂණ විරෝධතා ව්‍යාපාර සිදු කරන්නට වූහ.

පසුව වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් මෙම වන අලියා දොළොස් වැනි දිනට ප්‍රථම අල්ලා රැගෙන යන බවට පොරොන්දු වීමෙන් අනතුරුව විරෝධතාකරුවන් ඉවත්වූ අතර වනජීවී නිලධාරීන් එදින සිට මෙම ප්‍රදේශයේ වන අලියාගෙන් සිදුවන හානි අවම කිරීම සඳහා රැකවල්ලා සිටියහ.

ගිරිතලේ පශු වෛද්‍ය කණ්ඩායම සහ වයඹ පළාත් භාර පසු වෛද්‍ය නිලධාරීන් ඒකාබද්ධ වී 11 දින රාත්‍රී සිට මෙම වන අලියා අල්ලා ගැනීම සඳහා මෙහෙයුම ක්‍රියාත්මක කර තිබිණි .ඒ අනුව 12 දින අලුයම් කාලයේ වන අලියා ගම් වැදී සිටියදී නිර්වින්දනය කිරීමට හැකිවී තිබේ.
නිර්වින්දනය කිරීම සඳහා යන අවස්ථාවේ වන අලියා කුලප්පු වී වනජීවී නිලධාරීන්ටද පහරදීමට උත්සහ කොට ඔවුන් කිහිප දෙනෙකු දිවි බේරාගෙන ඇත්තේ නුනවයෙන් බව ප්‍රදේශවාසීහු පවසති.

මේ වන විට අල්ලා ගස් බැඳ ඇති සිටින වන අලියා වයස අවුරුදු 35ක පමණ වන එකෙක් බව වනජීවී නිලධාරීහු පවසති. එමෙන්ම මෙම අලියා දැඩි ‍ප්‍රරකෝපකාරී ලෙස හැසිරෙන බව ද ඔවුහු පවසති .වනඅලියා සුදුසු වනෝද්‍යානයකට මුදා හැරීමට කටයුතු කරන බව පසුවෛද්‍ය නිලධාරීහු කියති.
මෙම වන අලියා ඇල්ලීම සඳහා විසිපස් දෙනෙකුගෙන් යුත් වනජීවී නිලධාරීහු කණ්ඩායමක් දින එක හමාරක පමණ මෙහෙයුමක් ක්‍රියාත්මක කොට තිබිණි.

දඹුල්ල කාංචන කුමාර ආරියදාස