ඉතාලිය යෝජනා කරන නව පුරවැසි පනත එරට ශ්‍රී ලාංකිකයින්ටත් බලපාවිද?

කෝටි හැටකට අධික ජනතාවක් වාසය කරන ඉතාලි රටට පැමිණෙන විදෙස්ගත සංක‍්‍රමිකයන් සඳහා එරට රජයෙන් හිමිවන්නේ නීත්‍යනුකූල පසුබිමක් මත ජීවත්විය හැකි යහපත් වටපිටාවකි. එය ලොව අනිකුත් රටවලට සාපේක්‍ෂව රටක් තුළ ජීවත්වන විදේශිකයෙකු සඳහා නිර්මාණය වූ නිදහස් සහ සමතුලිත ක‍්‍රමවේදයකි. දරිද්‍රතාවයෙන් පෙළෙන යුරෝපයේ මෙන්ම දකුණු ආසියාතික රටවල් ද නයිජීරියාව, සෝමාලියාව, සෙනගල් සහ අපි‍්‍රකානු රටවල පමණක් නොව යුරෝපාව ආශි‍්‍රතව ඇති ඇතැම් සංවර්ධන රටවල ඇති බහුතරයක් වූ සංක‍්‍රමණිකයන් ඉතාලිය තුළට පැමිණෙන්නේ විවිධ ක‍්‍රමවේද හරහා නීත්‍යනුකූල රැකියා බලපත‍්‍රයක් ලබාගෙන ඒ තුළින් රැකියාවක් කොට සරු වූ ආර්ථිකයක් ගොඩනගා ගනිමින් තමන් සතු රැකියා සහ රටතුළ වාසය කිරීමට ඇති බලපත‍්‍රය තුළ (PERMESSO SOGGIORNO) අන්තර්ගත නීතියට අනුව එම පවුලේ සාමාජිකයන්ද ඒ හරහා රට තුළට ගෙන්වා ගැනීමට ඇති ශක්තිමත් වූ නීති පද්ධතිය නිසාය.

ඉතාලිය තුළ වාසය කරන විදේශිකයෙකු පුරා අවුරුදු දහයක් නීත්‍යනුකූලව පදිංචිය තහවුරු කිරීම තුළ එරට ස්ථාපිත කොට නීති කෙටුම්පත් සඳහා සුදුසුකම් ලැබූ ඕනෑම කෙනෙකුට ඉතාලි පුරවැසි භාවයට ඉල්ලූම් කිරීමට ඇති පසුබිමක් නිර්මාණය වී තිබීම තුළ වර්තමානයේ ඒ සඳහා ගොඩනැගී ඇත්තේ අර්බුදකාරී වාතාවරණයකි.

මේවන විට ඉතාලි රජය මගින් යෝජනාකර ඇති නව පුරවැසි පහත ”Ius culturae” ඉදිරියේදී පාර්ලිමේන්තුවේ විවාදයට පවා ගැනීමට නියමිතය. ඉතාලියේ දේශපාලන විශ්ලේෂකයන් ඒ මගින් පෙන්වා දෙන්නෙ ඉදිරියේදී පාර්ලිමේන්තු විවාදයට ගැනීමට නියමිත ”Ius culturae” මගින් ඉතාලි පාසල් තුළ වසර 5 හෝ වසර 3 – 4 ක වෘත්තිය අධ්‍යාපනය ලබන සංක‍්‍රමණික දරුවන් හට පුරවැසිභාවය ලබාදීමට යෝජනා කර තිබෙන අතර යෝජිත මෙම පනතට විරුද්ධව දැනටමත් අත්සන් ලක්ෂයක් එකතුකර ඇති බවත් ඉතාලි පුරවැසිභාවය බෝට්ටු වලින් පැමිණ නීතියට අභියෝග කරමින් ඉතාලි ජාතිකයන්ව හෙලා දකින අයට හිමි විය යුතු අයිතියක් නොවන බවද පෙන්වා දී තිබෙනවා.

රට තුළ ජීවත්වන කුරුසයට අකැමැති මුස්ලිම් ජාතිකයන්ට වෙනත් මුස්ලිම් රාජ්‍යයක් සමග එක්වන ලෙසද යුරෝපයට මුස්ලිම් වීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවද දැඩිලෙස මෙහි අවධාරණය කර තිබෙනවා.

පුරවැසිභාවය තෑගි දෙන්නැති බවත් ඒ සඳහා රටේ අභිමානය සහ අභිවෘද්ධිය වෙනුවෙන් දහඩිය හෙළා මහන්සි වී කටයුතු කළ යුතු බව මෙමගින් තවදුරටත් පෙන්වා දෙන අතර පුරවැසිභාවය කියන්නේ අයිතිවාසිකමක් නොවේ එය ඔබව අගය කිරීමක් වශයෙන් ලැබිය යුත්තක් බව මොවුන්ගේ විචාරය වන අතර, විදේශිකයන් කුඩා ළමුන් භාවිත කරමින් පුරවැසිභාවය ඉබේම තෑග්ගක් විදියට ලබාගැනීමට මේවන විට කටයුතු කරන බවත් ඒ සඳහා කිසිවිටෙකත් ඉදිරියේදී කටයුතු කිරීමට විනිමය ප‍්‍රතිපාදන පැහැදිලි ලෙසම වළක්වාලන බව මේ මගින් පෙන්වා දී තිබෙනවා.

විවිධ රටවලින් නැව් මගින් පැමිණෙන සරණාගතයන් ඉතාලියට පැමිණීම හරහා ඉතාලිය යුරෝපයේ සරණාගත කඳවුරක් බවට පත්වීමට නියමිතයි. ඉතාලිය තුළ ඇති නීති කෙටුම්පත් නැවත සම්පාදනය කොට ඒ සඳහා ඇති වැඩි අවකාශයන් ව්‍යර්ථ කොට සහමුලින්ම එය වළක්වාලීම සඳහා කටයුතු කිරීමට අවශ්‍ය දේශපේ‍්‍රමීන්ගේ රජයක් අවශ්‍ය වීම දැඩිලෙස අවධාරණය කර සිටිනවා.

ලලිත් හෙට්ටිආරච්චි ඉතාලියේ සිට