ති‍්‍රරෝද රථය මතට ගසක් කඩා වැටෙද්දී විභාග අපේක්ෂිකාව අනූනවයෙන් බේරෙයි

ඉන්ධන පුරවා ගැනීම සඳහා රැුඳී සිටියදී ත‍්‍රිරෝද රථය මතට ගසක් කඩා වැටීමෙන් සාමාන්‍ය පෙළ විභාගයට යමින් සිටි දියණිය අනූ නවයෙන් බේරුණු පුවතක් ගන්නෝරුව ප‍්‍රදේශයෙන් වාර්තා විණි.

මෙම අනතුර සිදුව ඇත්තේ ගන්නෝරුව හමුදා කඳවුර අසල ඉන්ධන පිරවුම් හලේදීය. පියා සහ දහසය හැවිරිදි දියණිය ත‍්‍රිරෝද රථයෙන් පැමිණ ඇති අතර ඉන්ධන පුරවා ගැනීම පිණිස පියා ත‍්‍රිරෝද රථයෙන් බැස සිටියදී අනතුර සිදුව ඇත.

ගස කඩා වැටෙන ශබ්දය ඇසී එය ත‍්‍රිරෝද රථය මතට වැටීමට පෙරාතුව පාසැල් සිසුවිය ඉන් පිටතට පැන ඇත. එලෙස පැන නොගත්තේ නම් ඇගේ ජීවිතය අහිමි වීමට තිබූ බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.

මෙම සිද්ධිය 7 වැනිදා පෙරවරු 6.25 ට පමණ සිදුව තිබෙන අතර ඉන් ත‍්‍රිරෝද රථයට දැඩි අලාභහානි සිදුව තිබේ.

පේරාදෙණිය පොලිසිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

ඡුායාරූපය – ගස කඩා වැටීමෙන් ත‍්‍රිරෝද රථයට දැඩි හානි සිදුව තිබූ අයුරු.

සමන්තී වීරසේකර