දේශපාලන සරණාගතභාවය ඉල්ලා ස්විට්සර්ලන්තයට පනින අයට ලැබෙන දේවල් මෙන්න

ස්විස් ජනතාව ස්විස් රජයට විශාල ලෙස බදු ගෙවති. එහෙත් මේ බදු මුදල් වලින් දේශපාලන රැකවරණ ලැබූවන්ට පිං පඩි හෙවත් ඩෝලයන් ලැබේ.

ස්විට්සර්ලන්තයේ මානව හිමිකම් මුවාවෙන් සිදුවන මේ කි‍්‍රයාදාමයේ පසුපස ඇත්තේ තක්කඩිකම්ය. අද අපි හෙළිකරන්නේ මේ තක්කඩිකම්ය.

‘‘හිටපු ආරක්‍ෂක ලේකම් තමාව මරන්න සොයනවා. හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මගේ පිටුපස පන්නනවා.

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මාත් මගේ පුතා පසුපසත් පැන්නුවා.

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ කොටි හමුදා නායකයන්ව මරන්න යැයි හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට පැවසුවා’’ යනුවෙන් බොරු ප‍්‍රකාශ රැසක් ස්විස් බලධාරීන්ට පවසා ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණ ලබාගත් සිංහලයන් හා ද්‍රවිඩයන් රැසක් සිටී.

මේ දේශපාලන රැකවරණ ලබාගත් පිරිස මුලින්ම යන්නේ ‘සුරිච්’ නගරයටයි. එහිදී ඔවුන්ගේ ප‍්‍රකාශ ප‍්‍රංශ සහ ජර්මානු භාෂාවන්ට පරිවර්තනය කරන්නේ ශ‍්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයෙකි.

මේ ප‍්‍රකාශ සෙම් හෙවත් ස්විස් සංක‍්‍රමණික කාර්යාලයට ඉදිරිපත් කෙරේ.

ඉන්පසු ස්විට්සර්ලන්ත සංක‍්‍රමණික කාර්යාලය ඔවුන්ට ‘භ’ බලපත‍්‍රය ලබාදේ. මේ බලපත‍්‍රය මත එරටින් පිටවීමට තහනම්ය.

මේ දේශපාලන රැකවරණ ලබන්නන්ට ලැබෙන පහසුකම් මෙසේයි.

1. මසකට ප‍්‍රෑන්ක් 350 ත් 400 ත් අතර දීමනාවක්

2. සමුපකාර සල් වලින් අඩු මිලට ආහාර පාන

3. ට‍්‍රෑම්කාර්, බෝට්ටුවල සහ බස්රථවල යෑමේ පහසුකම්

4. ප‍්‍රංශ හෝ ජර්මානු භාෂාව ඉගෙන ගැනීමේ පහසුකම්

5. සිය අනන්‍යතාව වසන් කිරීමේ අවසරය

ස්විට්සර්ලන්තය තුළ අප කළ විමර්ශනයේදී හෙළිවූයේ බොරු තොරතුරු ඉදිරිපත් කර දේශපාලන රැකවරණ ලබාගත් ශ‍්‍රී ලාංකකියන් විශාල සංඛ්‍යාවක් සිටින බවයි.

ඔවුන් අතර ජාතික පුවත්පතක සේවය කළ පියා සහ පුතාද විiුත් නාලිකාවක සේවය කළ අයෙක්ද පුද්ගලික මාධ්‍යයක සේවය කළ තැනැත්තෙක්ද ද්‍රවිඩ පුවත්පත් දෙකක සේවය කළ පිරිසක්ද වෘත්තීය සමිතිවල හිටපු නිලධාරීන් කීපදෙනෙක්ද ත‍්‍රස්ත මර්දන ඒකකයේ හිටපු නිලධාරියෙක්ද නව වාමාංශික පෙරමුණේ සේවය කළ අයෙක්ද හිටපු කොටි 200 ක්ද වේ.

මේ හැමදෙනාම කියන්නේ එකම කතාවයි. ඒ සුදු වෑන් සහ හිටපු ආරක්‍ෂක ලේකම් තමන් පසුපස පැමිණි බවයි.

එහෙත් පොලිස් පැමිණිලි නැත.

මේ පිරිස ස්විස් රජය ගොනාට අන්දවා ඇත. ඔවුන්ගෙන් එක් අයෙක් තමා ස්විස් පැමිණි අයුරු මෙසේ හෙළි කළේය.

මම පිටස්තර පිරිසක් ගෙදරට ඇතුල්වී පොත්පත් බිමට දමා ගේ පරීක්‍ෂා කළ අයුරු දැක්වෙන ලෙසට කි‍්‍රයාකළා. ඉන්පසු වෙබ් අඩවි මගින් නාඳුනන කණ්ඩායමක් නිවසට ඇතුල්වූ බවත් ප‍්‍රචාරය කළා. මේ බව දේශපාලකයකුට දන්වා ස්විස් තානාපති කාර්යාලයට පැමිණිලි කළා. පසුව නේපාලය ඔස්සේ සුරිච් නුවරට පැමිණියා.

ඒ එම තැනැත්තා සිදුකළ පාපොච්චාරණයයි.

මේ හැර ශ‍්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් 150 කට අධික පිරිසක් ඝාතනය වූ බවට ව්‍යාජ තොරතුරු ස්විට්සර්ලන්තය තුළ ප‍්‍රචාරය විය. මේ තොරතුරු වල සත්‍යතාව ගැන විමර්ශනයක් නොවුණි.

ගතවූ වසර දෙක තුළ ස්විස් රජය 642 කට දේශපාලන රැකවරණ දී තිබේ. මොවුන් හිටපු ආරක්‍ෂක ලේකම් සහ වත්මන් ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මරණීය තර්ජන එල්ල කළ බව කියන පිරිසක්ද?

ලොව වෙනත් රටවලට වඩා ස්විට්සර්ලන්තය තුළ වරප‍්‍රසාද විශාල ලෙස ලැබෙන නිසා බොරු මරණ තර්ජන හුවා දක්වමින් මේ ද්‍රවිඩ සහ ශ‍්‍රී ලාංකිකයෝ ස්විට්සර්ලන්තයේ වාසය කරති.

ඔවුන් රැකියාවක් නොකරන අතර කරන එකම දේ ශ‍්‍රී ලංකාවට එරෙහිව කි‍්‍රයාකිරීමයි.

මේ හැර තවත් ශ‍්‍රී ලාංකිකයන් 2000 කට අධික පිරිසකගේ දේශපාලන අයැදුම්පත් නිරීක්‍ෂණ තත්ත්වයේ ඇත.

එහෙත් මේ සැබෑ තත්ත්වය මෙරට බලධාරීන්ට වසන්වී ඇත. 2017 සහ 2018 වසර වල යහපාලන රජය පැවැති අතර එම කාලවකවානුවේදී හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂගෙන් මරණ තර්ජන එල්ල වූ බව කිව හැකිද?

මේ තක්කඩිකම් ස්විස් රජය නොදනී. ආර්ථික හේතූන් සහ ස්විට්සර්ලන්තයේ ජීවත්වීමේ අරමුණින් බොරු මරණ තර්ජන හුවා දක්වන මේ ශ‍්‍රී ලාංකිකයන් ශ‍්‍රී ලංකාවට නිගාවකි.

කිසිදු අයුරකින් මරණ තර්ජන එල්ල නොවූ මේ පිරිසගෙන් වැඩිදෙනා ‘මාධ්‍යවේදී ලේබලය’ මත කි‍්‍රයාකරයි. ඇහැලියගොඩ ප‍්‍රදේශයේ කරවල වෙළෙන්දෙක්ද මාධ්‍යවේදී මුවාවෙන් ස්විට්සර්ලන්තයට පැමිණ ඇත.

– කීර්ති වර්ණකුලසූරිය-