බ්‍රිතාන්‍ය දරුවෙකු ඇඳක් නොමැතිව රෝහලේ බිම නිදා ගැනීම ගැන එරට අගමැති ජාතියෙන් සමාව අයදියි

සාරා විලිමන්ට් ඇගේ වයස අවුරුදු 4 ක් වයැසැති තම පුත් ජැක්ව කබා වලින් ආවරණය කර ලීඩ්ස් ජෙනරල් රෝහලට ගෙන ආවෙි ඔහුට නියුමෝනියාව වැළඳී ඇතැයි බියෙන් යුතුවය. අවසානයේදී ඔහුව රෝහල් වාට්ටුවකට ගෙන යන විට, ඇඳක් සොයා ගැනීමට පෙර දරුවා ට්‍රොලියකට වී තවත් පැය පහක් බලා සිටියේය. දරුවා නිදා වැටෙද්දී පවා ඔවුනට ඇදක් ලැබුනේ නැත. සෞඛ්‍ය පද්ධතියේ බිදුණු තැන් කෙරෙහි කළකිරුනු සාරා ඒ ගැන බ්‍රිතාන්‍යයේ මිරර් පුවත්සේවයට මෙසේ පවසා තිබිණි.

”“මට වෛද්‍යවරුන් හා හෙදියන් සමඟ කිසිදු ගැටළුවක් නැත, ඔවුන් සැබවින්ම ආදරණීය පුද්ගලයන් වූ අතර මට එය පැහැදිලි කිරීමට අවශ්‍යයි. මට දැනුණේ කලකිරීමක්. ඔහු අසනීපයෙන් සිටි අතර ඔහුට නියුමෝනියාව වැළඳී ඇත්නම්, සීතල බිමක වැතිරීමෙන් ඔහුට කිසිම යහපතක් සිදු නොවනු ඇත.”

තම පුතා ව්‍යාකූල සහ වෙහෙසට පත්ව සිටින බව ඇය පැවසුවාය. ඔහු දිගින් දිගටම කියා සිටියේ ‘මට නින්දට යාමට අවශ්‍යයි’ යන්නයි. එහෙත් රෝහලේ මගේ පුතාට දීමට ඇදක් නොවිනි. ගැටලුව වන්නේ වෛද්‍යවරුන් ඉතා කාර්යබහුල වීම සහ ප්‍රමාණවත් තරම් ඇඳන් නොතිබීමයි. ඔවුන් මානසික ආතතියෙන් හා පීඩනයෙන් පෙළෙන බවක් පෙනෙන්නට තිබුණි.”

රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය යෙවෙට් ඕඩ් මහතා මිරර් පුවත් සෙවයට මෙසේ පවසා තිබූණි . “අපගේ රෝහල් මේ වන විට අතිශයින් කාර්යබහුලයි. ජැක්ගේ පවුලේ අය අපගේ හදිසි ප්‍රතිකාර දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් බලා සිටීම ගැන අපට කණගාටුයි. අපගේ ප්‍රධාන විධායක ජූලියන් හාර්ට්ලි ජැක්ගේ අම්මා සමඟ කතා කර පෞද්ගලික සමාව ඉල්ලා තිබේ.

මිර්ර පුවත්පතේ සටහන දුටු බ්‍රිතාන්‍ය අගමැති වරයා එදිනම LBC රෑපවාහිනිය ඔස්සේ සාරා විලිමන්ට්ගෙන් සිද්ධිය සම්බන්ධයෙන් සමාව ඉල්ලා ඇතිබව මිරර් පුවත් සේවය උපුටා දක්වයි. එහිදී බොරීස් ඡෝන්සන් මෙසේද පවසා ඇත.

”“ඇත්ත වශයෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් මම කම්පා වෙමි. සෞඛ්‍ය සේවයේ නරක අත්දැකීම් ලැබූ සෑම කෙනෙකුගෙන්ම මම සමාව අයදිමි. එහෙත් ඡාතික රෝහල් සේවාව විශාල හා විශ්මය ජනක කාර්යයක් කරන අතර ඔවුන් සපයන සේවයට ඔවුන් සියලු ප්‍රශංසාව ලැබිය යුතු යැයි මම සිතමි. නමුත් ඔවුන්ට ආයෝජන සහ අරමුදල් අවශ්‍ය වන අතර ඒ නිසා අපි දැන් එයට මැදිහත් වී සිටින්නෙමු.

උපුටා ගැනීම -රෝහණ විජේවීර පිටුවෙන්