තාප්පවල චිත්‍ර අඳිනවාට විරුද්ධ වෙන්නේ කුහකයෝ..!

වර්තමානයේ එළිදකින වෝල් ආර්ට් කලාව ඩිජිටල්කරණයේ සාධනීය ලක්ෂණයක් ඉස්මතු කෙරෙන බැවින්, ඒ සඳහා අවශ්‍ය සහාය ලබා දීම අපගේ යුතුකමක් බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ මාතර සමාධි පදනමේ 23 වැනි කණ්ඩායම සදහා සහතිකපත් ප්‍රදානෝත්සවයට එක්වෙමිනි.තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද අදහස් දැක්වීය.

සමහරුන් එක එක කෝණවලින් මේ දෙස බලනවා. සමහරුන් මේ ආණ්ඩු වෙනසත් එක්ක එකතු කර ගෙන එයට පහර ගහන්නට පටන් ගෙන තිබෙනවා. එය ඉතා කුහකයි. එයට පහර ගැසිය යුතු නැහැ වෝල් ආර්ට් කලාව අපේ රටේ පටන් ගත්තේ සීගිරි කාශ්‍යප කාලයේ. එහෙමනම් අප මේ ගහන්නේ සීගිරි කාශ්‍යපටයි. මේ එතනින් පටන් ගත්ත කලාවක්. මීට මාස හතරකට කලින් ගාල්ල අධිවේගී ප්‍රවේශයේ පාලම යට මේ චිත්‍ර අඳිනවා මම දැක්කා. සමාජ ජාල වෙබ් අඩවි හරහා මේ වගේ සාධනීය දේවල් අපට එකතු කරනවා. නිර්මාණශීලී දේවල් ඉන් එකතු වෙනවා. ඒවා විවේචනය කරන්නේ කුහක මිනිසුන්. එසේ සමාජයට එකතු වෙන දේ අප ගත යුතුයි. කලා හැකියාවන් ඇති තරුණයන්ට ඒ සඳහා උදව් කරන ලෙස ඉල්ලා සිටිනවා.

මා ඒවාට උදව් ලබා දී තිබුණත් ඒවාට ප්‍රචාරයක් ගන්න උත්සාහ කළේ නැහැ. ‍එසේ කළේ නම් ඉන් වැඩක් නැහැ. තාරුණ්‍යයේ විභව ශක්තීන් එළියට ගත යුතුයි.එය රටේ වෙනසක් වෙනුවෙන් පාව්ච්චි කරන්න ඉඩ නොදුනහොත් එය කෙළවර වන්නේ ඛේදවාචකයකිනුයි. උතුරේත් , දකුණේත් අප ඉන් බැට කෑවා. කලාවක් එක්ක ඉන්න අයගේ හැකියාවන් උද්දීපනය කිරීමට අප ඉඩ දිය යුතු යි.

මීට අවුරුදු 20 කට කලින් තරුණයන් රස්තියාදු ගැහුවේ කඩපිලේ. වර්තමානයේ ෆේස් බුක් තුළ කල්මැරීම වඩා වැඩීවී තිබෙනවා. කටු මැටි පැලේ දාන් ලෑල්ලත් එක්ක, හවසට කාඩ් පැක් එකක් අරගෙන වැඩක් නැති වේලාව කල්මැරීම සිදු කළා. මේ රටේ 22,00000 ක් පමණ ෆේස් බුක් ඉන්නවා. ඊටත් වඩා ජංගම දුරකථන විකිණී තිබෙනවා. ස්මාර්ට් පෝන් භාවිත කරන සංඛ්‍යාව මිලියන පහකට වැඩි වී තිබෙනවා. මේ තත්ත්වය තුළ ඩිජිටල්කරණයේ ධනාත්මක ලක්ෂණ ඉස්මතු කිරීමට තරුණයන්ට අවශ්‍ය සහාය ලබා දිය යුතුයි.

•මහින්ද තැළිකෝරාලගේ – වැලිගම

Leave a Reply

  Subscribe  
Notify of