අවුරුදු 20ක මවක් ,සිය මාස තුනේ දරුවාව ළිඳට දමයි

යාපනය, තුන්නාලෙයි, කුඩවත්ත ප්‍රදේශයේ මාස තුනක් පමණ වයසැති පිරිමි දරුවෙකු ළිඳට දමා ඇති බව යාපනය නෙල්ලිඅඩි පොලීසිය පවසයි.

පොලිසිය පැවසූවේ දරුවා ළිඳට දැමීම හේතුවෙන් දරුවා ජිවිතක්ෂයට පත්ව ඇති අතර, දරුවාගේ මළ සිරුර යාපනය පේදුරුතුඩුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති බවයි.

දරුවාගේ පියා ඊයේ(08) රාත්‍රියේ නිවසේ නොසිටි අවස්ථාවක දරුවා සිය මව සමඟ සිට ඇති අතර, එහිදි දරුවා කිසියම් කෙනෙකු රැගෙන ගොස් ළිඳට දැමු බව මව පොලීසිය හමු‍වේ පවසා ඇත.

දරුවාගේ මව වයස අවුරුදු 20ක පමණ කාන්තාවක් වන අතර, ඇයට තවත් වයස අවුරුදු දෙකක් පමණ ගැහැණු දරුවෙකු සිටින බවද පොලීසිය පැවසීය.

අඩි අටක් පමණ ගැඹුරු ළිඳට දරුවා දැමීම හේතුවෙන් දරුවා ජිවිතක්ෂයට පත්ව ඇති අතර, දරුවාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට දරුවාගේ මව අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය පැවසීය.

මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් නෙල්ලිඅඩි පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

අද දෙරණ

Leave a Reply

  Subscribe  
Notify of