අකාලේ මියැදුනු රෝස මල් කැකුලක් ලොවටම කියා පෑවේ හදවත් සලිත කරනමුත් උතුම් වූ කතාවක්…

පරතෙරක් නොදැන ජීවන කතරේ ඔබ මොබ සැරිසරමින් සිටි ඔබට, යා හැකි වූ දුර ඉතා කෙටි වූවත්, රන්කැටි බිළිඳියක්ව මුලු ලොවක් කඳුලින් තෙත් කරන්නටත්, ඔබට අවැසි නොවූ ජීවය තවත් ජීවිත ත්‍රිත්වයකටම පණ පෙවීමටත්, එතරම්ම ඔබගේ උපත පිංවන්ත වූ හැටි අරුමයක් දුවණි…

බලාපොරොත්තු ගොන්නක් පොදි බැඳගෙන තමයි මාපිය දෙපලක් කිරිකැටියකු ලොවට දායාද කරන්නේ.. මේ අම්මයි තාත්තයි Coralyn නොහොත් Cora මේ ලෝකයට ගෙන එන්නෙත් එලෙසින්මයි.
පුංචි දියණියගේ සුරතල් විඳීමට ඇයගේ දෙමාපියන් වන Meagan සහ Paul Sobolik හට ලැබුනේ වසර දෙකකටත් අඩු ඉතා කෙටි කාල සීමාවක්.

Carolyn angel ගේ වීර කතාව මම මෙලෙසින් ආරම්භ කරන්නම්…

එදා, 2019 අප්‍රේල් මස 17 වැනිදා මාස 21ක් වයසැති පුංචි Cora ට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇතිවීම නිසා ඇයව Cresco Medical රෝහල වෙත රැගෙන ගියත් එහිදී පරීක්ෂා කර බලා වෛද්‍යවරු පැවසූයේ ඇයව Rochester හි පිහිටි Mayo Clinic රෝහල වෙත මාරු කර යැවිය යුතු බවයි. ඉන් පසු වෛද්‍යවරුන් ඇයව ආරක්ෂාකාරීව පිටත් කර යැවීම සදාහ ඉතා සන්සුන් ලෙස Cora ගේ ශ්වාසනාලයට බටයක් ඇතුල් කල නමුත් ඒ මොහොතේ බලාපොරොත්තු නොවූ ලෙස තම ඇස් ඉදිරියේම බිළිඳියගේ පුංචි හදවත නතර වනු දැකීමට ඇයගේ මව, පියා සහ මිත්තණිය අවාසනාවන්ත විය.

මේ සියල්ල සිදුවනුයේ Cora ට parainfluenza නම් ශ්වසන අපහසුතා ඇති කරන වෛරසය වැළඳීම හේතුවෙනි. මෙම රෝගී තත්වයේදී වෛරසය ඇතුළු වී රෝග ලක්ෂණ මතු වීමට දින 2ත් 7ත් අතර කාලයක් ගත වේ.

සුරතල් දියණියට එසේ සමු ගැනීමට ඉඩ නොදුන් වෛද්‍යවරු මිනිත්තු 25ක් CPR ප්‍රතිකර්ම කිරීමෙන් නැවතත් Cora ගේ හදවත ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමට හැකි වූ අතර ඉන් පසු වහාම ඇයව Mayo Clinic රෝහල වෙත රැගෙන යනු ලබයි.

දින 5ක් පුරාවට මෙම රෝගී තත්ත්වයෙන් පීඩා විඳිමට Cora ට සිදුවිය. වෛරසය සමඟින් පුංචි Cora කල සටන ඇයට හෘදයාබාධ ඇතිකිරීමටත්, මොලයට හානී වීමටත් හේතු විය. වෛද්‍යවරුන් විසින් echocardiogram පරීක්ෂණයක් සහ CAT scan පරීක්ෂාවක් සිදුකරමින් කියාසිටියේ ඇයගේ පුංචි හදවත සෞඛ්‍යසම්පන්න තත්ත්වයක පවතින නමුත් මොලයට හානී සිදු වී ඇති බවයි.

අනතුරුව දින කිහිපයකට පසු පුංචි Cora ගේ මොලය මියගොස් ඇති බව වෛද්‍යවරුන් සැල කලේ ඇයගේ කෙලි සෙල්ලම් නැවතත් ඉතා ඉක්මනින් දැකගැනීමට හැකි වේ යැයි පෙරුම් පුරමින් බලා සිටි දෙමාපියන්ගේත්, ඇයට ආදරය කල සියල්ලන්ගේත් හදවත් කම්පා කරවමින්.

තම සිඟිති දියණියට සිදුවූ කිසිවක් අදහාගනු නොහැකිව Meagan (Cora ගේ මව), දණින් වැටී ඉකිගසන්නට පටන් ගත්තේ Cora යලිඳු කිසි දිනක දෙනෙත් විවර කොට අම්මා දෙස නොබලන බැව් සිහිපත් වූ නිසාවෙනි.

බිළිඳිය කෙරෙහි ඇති අසීමාන්තික ආදරය නිසා Meagan සහ Paul Sobolik නිසොල්මන් Cora ව තවත් ජීවිත තුනක් තුලින් දැකීමට තීරණය කලහ.

Meagan පැවසූයේ “When we knew that she wasn’t ever going to wake and that she was gone mentally, we knew that she would want her organs to help people in need.” ලෙසයි.

ජීවිත් වීමට වෙර දරන තවත් ජීවිත තුනක් සනහාලමින් පුංචි Cora ගේ මතකයන් වලට ඉදිරියටත් පණ පෙවීමට ඇයගේ දෙමාපියන් සිතා ගත්තේ එලෙසිනුයි.

අප්‍රේල් 22 දින අවසන් ශල්‍යකර්මය සිදු කිරීමට ශල්‍යාගාරය වෙත Cora රැගෙන යයි. මග දෙපස පෙල ගැසුනු රෝහල් කාර්ය මණ්ඩලයේ සියලු දෙනා ඉතා සන්වේදීව Amazing Grace ගීතිකාව ගායනා කරමින් කඳුලින් වුවත් පුංචි වීරවරියකට මෙන් බොහෝ ගරු බුහුමන් මද්‍යයේ ඇයව රැගෙන යනු ලබය.

Meagan සහ Paul අවසන් වරට තම සිඟිති දියණිය සිප වැළඳගනිමින් හැඬූ කඳුලින් ඇයට සමු දුන් අතර,

“I love you forever, you’re the best thing that ever happened to me.”
‘You get to save three people. I love you forever’.

මවක් තමා අතහැරයන මල් කැකුලට ආදරය ප්‍රකාශ කර ඇයව දිරිමත් කලේ එලෙසින්.

Cora ගේ පුංචි හදවත වයස අවුරුදු 1ක් වූ පිරිමි දරුවෙකුටත්, ඇයගේ අක්මාව තවත් අවුරුද්දක් වයසැති ගැහැණු දරුවෙකුටත්, වකුගඩු අවුරුදු 41ක් වූ කාන්තාවකටත් පරිත්‍යාග කෙරිණි.

“The staff at Mayo was more than any family could ask for. I was speechless, and it was truly wonderful to see and feel so much love and support for our little girl.” Meagan රෝහල් කාර්ය මණ්ඩලයෙන් ලද සහයෝගය ඇගේ වචනයෙන් විස්තර කලේ එලෙසිනි.

Cora ගේ මතකයන් ජීවත් කරවීමට හැකිවීම හා තම සිඟිත්තියට මුලු ලොවක් පුබුදුවාලීමට හැකි වීමත් පිලිඹදව ඇය කෘතඥ වන බවත් Meagan තව දුරටත් පවසා සිටියාය.

මාස 21ක් වයසැති Cora ගේ කතාව ආදර්ශයක් කරගනිමින් තවත් බොහෝ දෙනා අවයව පරිත්‍යාගය කෙරෙහි යොමු වනු ඇති බවත් එමගින් ජීවීතය අයදින ගණනාවක් බේරාගැනීමට හැකිවනු ඇති බවත් Meagan ගේත් අපගේත් විශ්වාසයයි.

දියණියනි, දශක ගණන් තමා වෙනුවෙන්ම පමණක් ජීවත් වන මිනිසුන් අතර මාස ගණනකින් තවත් ජීවිත සුවපත් කරලීමට තරම් ඔබ පිංවන්ත වූ හැටි මෙම කතාව කියවන හදවත් තුල ඇඳෙනු නොඅනුමානයි.

සටහන – ගයනි රණවීර.

වීඩියෝව මෙතනින්

Leave a Reply

  Subscribe  
Notify of