ඊලඟ ජන්දයේදී මන්ත්‍රීවරු 75 කට විතර ගෙදරම යන්න වෙනවා

ඉදිරි මැතිවරණයේදි මන්ත්‍රීවරුන් හැත්තෑවකට පමණ පාර්ලිමේන්තු වරම් අහිමිවන බව මන්ත්‍රී මරික්කාර් කියයි.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදි දැනට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ගෙන් හැත්තෑවකට පමණ පාර්ලිමේන්තු වරම් අහිමිවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පවසයි.

කොළොන්නාව ප්‍රදේශයේ දි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ ඉදිරි මැතිවරණයේ දී විවිධ චෝදනා ලැබු, මහජන මුදල් අවභාවිත කළ පිරිස් කුමන පක්ෂයකින් ඉදිරිපත් වුවද පරාජයට පත්වන බවයි.

-Ada Derana-

Leave a Reply

  Subscribe  
Notify of