මවුබිමට අභිමානයක් ගෙන දෙමින් ලෝක විවාහක රූ රැජිණ කිරුළ ශ්‍රී ලංකාවට හිමිවේ (VIDEO)

මවුබිමට අභිමානය ගෙන දෙමින් ලෝක විවාහක රූ රැජිණ කිරුළ ශ්‍රී ලංකාවට..

මේ වසරේ ලෝක විවාහක රූ රැජිණ කිරුළ ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා.ඇමරිකාවේ ලාස් වේගාස් හිදී අවසන් මහා තරඟය පැවති අතර ඊට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟ වැදුනේ කැරොලින් ජුරී වන අතර ඇය ප්‍රථම ස්ථානයට පත් වෙමින් මෙම කිරුළ හිමි කරගත්තා.

1984 වසරේදී ආරම්භ වූ ලෝක විවාහක රූ රැජිණ කිරුළ මීට පෙර ද එක් වතාවකදී ශ්‍රී ලංකාවට හිමි වූ අතර ඒ රෝසි සේනානායක මහත්මියටයි.

මෙවර කිරුළ දිනාගත් කැරොලින් ජුරී 27 හැවිරිදි එක් දරු මවකි.

මේ එම අවස්ථාවේ වීඩියෝවකි

Leave a Reply

  Subscribe  
Notify of