පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වසරකට කෝටි 12 ක ආහාර ගද්දී, ලංකාගම පාසල් දරුවන් ලණුවල එල්ලී පාසල් යති

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ උත්තරීතර පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීවරුන්ගේ සහ අමුත්තන්ගේ ආහාර සඳහා වසරකට යන වියදම කෝටි 12කි.වතුර සඳහා පමණක් වැය වන මුදල ලක්ෂ 90 කි.

මේ ඔබට අප සඳහන් කලේ පාලන තන්ත්‍රයේ වියදම් ලේඛණයේ කරුණු දෙකක් පිලිබඳව පමණි.

මෙයින්ද දිනකදී ඉවත දමන ආහාර ප්‍රමාණය සහ එමඟින් නාස්ති වන මුදල ගත් කල එය ඉතා විශාලය.

රටේ මේ සා විශාල මුදලක් අපතේ යන විට එහි පලවිපාක විඳීමට සිදු වනුයේ දේශපාලකයින්ට නොව අසරණ මහ ජනතාවටය.මේ ජායාරූප එක් උදහරණයක් පමණි.

මේ සිංහරාජයේ මායිම්ව පිහිටා ඇති ලංකාගම නම් ග්‍රාමයේ ජායාරූප කිහිපයකි.අපට වාර්තා වූ පරිදි එහි පාසල් දරුවන් ඇතුලු ගමේ සියලු දෙනාම මේ ගඟ තරණය කල යුත්තේ පහත පරිදි ලණු වල එල්ලීගෙනය.

මෙය ඉතා අනතුරුදායක බව අමුතුවෙන් කිවයුතු නැත.එක තත්පරයක ප්‍රමාදය මේ අහිංසක ජීවිතය ජල පහරකට බිලි වීමට හොඳටම ප්‍රමාණවත්‍ ය.

මේ ජනතාව අසරණ වී ඇත්තේ ඔවුන්ගේ වරදකින් නොවේ.දැක්මක් ඇති නායකයෙකු රටට ලැබී ඇති මොහොතක එතුමාගේ හෝ අදාළ බලධාරීන්ගේ අවධානය මේ කෙරෙහි යොමුවේවා යන්න අපේ පැතුමයි.

එමෙන්ම මෙම ගම්මානයේ පාසල් යන දරුවන් වෙනුවෙන් නව පාසල් වාරයට අවශ්‍ය උපකරණ සහ ආධාර ලබා දීම වෙනුවෙන් මැදිහත් වන්නට mawurata.com වෙබ් අඩවිය සූදානම්.

ඔබත් කාරුණික හිතක් ඇත්තෙකු නම් අපගේ Facebook පිටුව හා සම්බන්ධ වී මෙම සත්කාරයේ කොටස් කරුවෙකු වීමට අපි ඔබට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා.

Leave a Reply

  Subscribe  
Notify of