සජිත්ගේ විපක්ෂ නායකකම අනතුරේ ?

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා නව විපක්ෂ නායකවරයා ලෙස නම් කර තිබුනද ඔහුගේ විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් ගැටලුවක් හට ගෙන තිබෙනවා.සාමාන්‍ය සාම්ප්‍රදාය අනුව කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව හමුවේ නව විපක්ෂ නායකවරයාගේ නම ප්‍රකාශ කල පසුව එතැන් සිට විපක්ෂ නායක අසුන මෙන්ම එම තනතුරට හිමි සෙසු වරප්‍රසාද බලගන්වනු ලබනවා.

නමුත් පාර්ලිමේන්තුව මේ වන විට කල් තබා තිබෙන අතර නව පාර්ලිමේන්තුව රැස් වීමට නියමිතව ඇත්තේ ජනවාරි 03 වෙනිදා උදෑසන 10.00 ටයි.එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රාජාසන කතාව සිදු කරනු ලබනවා.එම කතාවෙන් පසුව නව විපක්ෂ නායකවරයාව කථානායක කරූ ජයසූරිය මහතා විසින් නම් කරනු ලබන අතර යම් හෙයකින්,රාජාසන කතාවෙන් පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් යළිත් පාර්ලිමේන්තුව කල් තබන්නේ නම් එදිනට ද නව විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ නම යෝජනා කිරීමට අවස්ථාවක් නොලැබෙනවා.

එමෙන්ම මෙම මස 12 වෙනි දින ව්‍යවස්ථාදායක සභාව රැස් වීමට නියමිතව තිබුනද ඒ සඳහාද සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනා කිරීමට නොහැකි වනුයේද මෙකී තත්වය නිසා බවයි mawurata.com වෙත වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මීට පෙර මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කරනු ලැබුවේද කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව හමුවේ ඔහුගේ නම ප්‍රකාශ කිරීමෙන් අනතුරුව වන අතර එය සාම්ප්‍රදායක් ලෙසට මේ දක්වා සිදු කරගෙන පැමිණියා.

නමුත් ඇතිව තිබෙන මෙම අර්බුදකාරී තත්වය හමුවේ සජිත් ප්‍රේමදාස මහතාව එජාපය,විපක්ශ නායකවරයා ලෙස නම් කලද ,ඒ බව පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කිරීමට අවස්ථාවක් උදාවේද යන්න අවිනිශ්චිත බවක් ඇතිව තිබෙනවා.

Leave a Reply

  Subscribe  
Notify of