දකුණේ පාසල් සිසුන් පිරිසක් එකතු වී වසර 23ක් පුරන් වූ කුඹුරු අස්වද්දති

මහා මාර්ග අවට ඇති තාප්ප වල සිතුවම් අඳිමින් සහ පරිසරය පිරිසිදු කරමින් මේ දිනවල රට පුරාම තරුණ පිරිස් ශ්‍රී ලංකාව සුන්දර කිරීමට උරදෙනු දක්නට ලැබෙනවා.

ඒ මඟ යමින් කරන්දෙණිය බන්දුල සේනාධීර විදුහලේ සිසුන් විසින් තවත් ආදර්ශමත් ක්‍රියාවක් සිදු කොට තිබෙනවා.

ඒ වසර 23ක් තිස්සේම පුරන් වී ගිය කුඹුරු යායවල් කිහිපයක් අස් වැද්දීමට මූලිකත්වය ගැනීමයි.

ඒ අනුව ඔවුන් විසින් මෙලෙස කුඹුරු අස් වැද්දීමේ කටයුතු සිදු කර තිබෙන අතර මෙවැනි කටයුතු අනෙක් අයටද ආදර්ශයක් බව පැවසිය යුතුය.

1
Leave a Reply

1 Comment threads
0 Thread replies
0 Followers
 
Most reacted comment
Hottest comment thread
1 Comment authors
  Subscribe  
newest oldest most voted
Notify of
Dammike

Budusaranai