දකුණු වෙරළ තීරයේ සිටි සීල් මත්ස්‍යයා අද උදෑසන බම්බලපිටියෙන් මතු වේ

උණවටුන මුහුදු තීරයේ මුලින්ම දක්නට ලැබුණු සීල් මත්ස්‍යයා මේ වන විට බටහිර මුහුදු ප්‍රදේශයට පැමිණ තිබෙනවා.

අද උදෑසන එම සත්ත්වයා බම්බලපිටිය වෙරළ තීරයේ ගල් පරයක් මත රැදී සිටි අතර, මේ වන විට යළි මුහුදට ගොස් ඇති බවයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම සත්ත්වයා වෙරළ තීරයට පැමිණියහොත් ආහාර ලබාදීමට හෝ අසළට යාමෙන් වළකින ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

Leave a Reply

  Subscribe  
Notify of