රාජිත කට වරද්දා ගනී.ස්විස් සිද්ධිය ගැන ඔය තරමටම දන්නෙ කොහොමදැයි අසා ප්‍රකාශයක් ගනී.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරීන් සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙස රජය රහස් පොලිසියෙන් ඉල්ලා ඇතැයි සම කැබිනට ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ ඊයේ (05 වැනිදා) ප්‍රකාශ කළේය.

ඇමැති මණ්ඩල තීරණ දැනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශකවරයා මේ බව පැවසුවේය.

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරීන් සම්බන්ධයෙන් රාජිත සේනාරත්න ඇමැතිවරයා දැනුවත්ව සිටින බව පෙනී ගොස් ඇතැයි කී රමේෂ් පතිරණ ඇමැතිවරයා මෙම නිලධාරිනිය සම්බන්ධයෙන් රහස් පොලිසිය පරීක්ෂණ සිදුකරන බව කීවේය.

Leave a Reply

  Subscribe  
Notify of