ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනපති,අගමැති සහ විපක්ෂ නායකවරයා එකම දිස්ත්‍රික්කයකින්..!

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනාධිපතිවරයා ,අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා යන තිදෙනාම එකම දිස්ත්‍රික්කයක් නියෝජනය කරන තත්වයක් උදා වී තිබෙනවා.ඒ සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකවරයා ලෙස පත් වීමත් සමඟයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මින් පෙර දිස්ත්‍රික්කයක් නියෝජනය කරමින් තරඟ නොකලද ඔහු උපන් සහ හැදුනු වැඩුනු දිස්ත්‍රිකකය වනුයේ හම්බන්තොට දිස්ත්‍රික්කයයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයට පිවිසියේද හම්බන්තොට නියෝජනය කරමිනුයි.එමෙන්ම දශක ගණනාවක්ම ඔහුගේ සටන් බිම වූවේද හම්බන්තොට වන අතර පසුගිය මහ මැතිවරණයේදී පමණක් ඔහු කුරුණෑගල නියෝජනය කලා.

රණසිංහ ප්‍රේමදාස මහතා කොළඹ නියෝජනය කලද එතුමාගේ ඝාතනයෙන් පසුව සජිත් ප්‍රේමදාස මහතා දේශපාලනය වෙනුවෙන් තෝරා ගත්තේද හම්බන්තොට දිස්ත්‍රික්කයයි.ඔහු දැනටද පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන්නේ එම දිස්ත්‍රික්කයෙන් වනවා.නමුත් ඔහු ඉදිරි මැතිවරණයේදී බොහෝ දුරට බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන බවයි වාර්තා වුනේ.

කෙසේ වෙතත් මේ ආකාරයෙන් රටේ දේශපාලනයේ ප්‍රධාන භූමිකාවන් නිරූපණය කරන තිදෙනාම එකම දිස්ත්‍රික්කයක් නියෝජනය කරනු ලබන්නේ ඉතිහාසයේ පලමු වතාවටයි.

මීට පෙර චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපතිව සිටියදී,රත්නසිරි වික්‍රමනායක මහතා අග්‍රාමාත්‍ය වරයා ලෙසද ,රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායකවරයා ලෙසද කටයුතු කලා.ඔවුන් තිදෙනාම පිලිවෙලින් ගම්පහ,කලුතර සහ කොළඹ යනුවෙන් බස්නාහිර පලාත නියෝජනය කල අය වූවා.

Leave a Reply

  Subscribe  
Notify of