ජනපති කියූ පරිදි සියලුම සිසුන්ට විශ්ව විද්‍යාල වරම් හිමි කර දීමේ පළමු පියවර ඇරඹේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය මැතිවරණ ප්‍රකාශනයේ ඉදිරිපත් කල පරිදි උසස්පෙළ විභාගය සමත් වන සියලූම සිසුන්ට සරසවි වරම් ලබා දීමේ ව්‍යාපෘතියේ පලමු පියවර ලෙසට , දැනට සරසවිවල පවතින තත්වය සමඟ විශ්ව විද්‍යාල ප්‍රවේශය සම්බන්ධයෙන් සෑම සරසවියකින්ම වාර්තාවක් කැඳවීමට තීරණය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් විශ්ව විද්‍යාල ප්‍රධානීන්ට දැනුම් දී තිබෙන අතර එම වාර්තාවන් සති දෙකක් කාලයකදී ලබා දෙන ලෙසටයි දැනුම් දී ඇත්තේ.

මේ අතර උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඊයේ (04) ගම්පහ ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ හදිසි නිරීක්‍ෂණ චාරිකාවක නිරත වුණා. දීර්ඝ කාලයක සිට පන්ති වර්ජනයක නිරත එම වෛද්‍ය විද්‍යාලයේ සිසුන් සහ පාලන අධිකාරිය සමග පවතින ගැටළු පිළිබද එහිදී සාකච්ඡා කළ බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

Leave a Reply

  Subscribe  
Notify of