කන්න දෙන කජු හරි නෑ කියා මෛත්‍රී කියූ ශ්‍රී ලංකන් එයාර් ලයින් ගැන , ගෝඨා ආඩම්බරයෙන් කතා කරයි

ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගමේ සේවය ගැන ගෝඨාභය රාජපක්ෂ මහතා අදහස් පලකොට තිබෙනවා.

ඔහු සඳහන් කරන්නේ රටක් වශයෙන් ඔවුන්ගේ සේවාව ගැන තමන් ආඩම්බර වන බවත් ලෝකය දිග් විජය කිරීමට ඔවුනට හැකිවේවායි තමන් ප්‍රාර්ථනා කරන බවත් ය.

මීට පෙර එවකට ජනාධිපතිව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකන් එයාර් ලයින් සේවයෙන් ලබා දෙන කජු,බල්ලෙකුටවත් කටේ තියන්න බැරි ඒවා බවය.

නමුත් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊට හාත්පසින්ම වෙනස් සුභවාදී අදහසක් පලකොට එම සේවකයින් සහ සමාගම දිරිමත් කරවීමට කටයුතු කිරීම සැබවින්ම පැසසිය යුතු කරුණකි.

Leave a Reply

  Subscribe  
Notify of