මිහිමතට වැඩිම ප්ලාස්ටික් එකතු කිරීමේ කිරුළ “කොකාකෝලා”සමාගමට

ලෝකයට වැඩිපුරම ප්ලාස්ටික් සහ පොලිතීන් එකතු කරන සමාගම ලෙසට කොකාකෝලා සමාගම නම් වී තිබෙනවා.පරිසරය පිරිසිදු කිරීමේ කණ්ඩායම් විසින් නගර,වෙරළ තීරයන්,ගංඟාවන්,මුහුදු සහ තවත් ස්ථාන කිහිපයක්ම ආවරණය වන පරිදි පිරිසිදු කිරීමේ ව්‍යාපෘතීන් 84ක් සිදු කර ඇති අතර ඒ සඳහා ස්වෙච්ඡාවෙන්ම එක්ව සිටි පිරිස 72,000 කට ආසන්නයි.

ඔවුන් රටවල් 50 කට ආසන්න ප්‍රමාණයක මෙම ව්‍යාපෘතීන් සිදු කොට ඇති අතර එහිදී කොකාකෝලා සමාගමේ නිෂ්පාදන පමණක් 476,423 ක් සොයා ගෙන තිබෙනවා.

ඒ අනුව ලොව වැඩිම පරිසර දූෂණයකට දායක වනුයේ කොකාකෝලා සමාගමේ නිෂ්පාදන බවයි එයින් අනාවරණය කරගෙන ඇත්තේ.

මෙම ලැයිස්තුවේ දෙවෙනි තැනට පත්ව ඇත්තේ ලොව ප්‍රකට තවත් සමාගමක් වන නෙස්ලේ සමාගමයි.

එම ලැයිස්තුව පහතින් දැක්වේ.

(තොරතුරු – designboom වෙබ් අඩවියෙනි)

Leave a Reply

  Subscribe  
Notify of