එජාප නායකත්වය කරූට..විපක්ෂ නායකකම සජිත්ට..රනිල් දේශපාලනයෙන් සමුගනී !

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය කරූ ජයසූරිය මහතාටත්,විපක්ෂ නායක ධූරය සජිත් ප්‍රේමදාස මහතාටත් ලබා දී තමා දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සූදානම් බව රනිල් වික්‍රමසිංහ මහතා සිය සමීප හිතවතුන්ට පවසා තිබෙනවා.2025 වන විට තමාගේ වයස අවුරුදු 75ක් බවත් එම නිසා දැන් තමන්ට අවශ්‍ය විවේකී සුවයෙන් කල් ගත කිරිමට බවත් ඔහු එහිදී පවසා තිබෙනවා.

මේ අතර සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය සඳහන් කරන්නේ විපක්ෂ නායක තනතුර මෙන්ම පක්ෂ නායකත්වය ද තමන්ට ලැබිය යුතු බවයි.

නොඑසේනම් ඉදිරි මහ මැතිවරණයෙදී වෙනම පක්ෂයකින් තරඟ වැදීමටයි ඔවුන් සූදානම් වන්නේ.නමුත් මේ වන විටත් එම තීරණය පිලිබඳව අවසන් එකඟතාවයකට පැමිණ නැහැ.

රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ අවශ්‍ය නම් එක්සත් ජාතික පෙරමුණේ නායකත්වය මෙන්ම එම පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ සභාපති තනතුරද සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට සූදානම් බවයි.

Leave a Reply

  Subscribe  
Notify of