අවසානයේදී සජිත්ට විපක්ෂ නායකකම දෙන්න රනිල් එකඟ වෙයි

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සඳහා හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස ගේ නම යෝජනා කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එකඟ වූ බවට මනෝ ගනේෂන් මන්ත්‍රිවරයා ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර සිටිනවා.

අද (29) සවස එක්සත් ජාතික පෙරමුණේ නායකයින් සමග පැවති සාකච්ජාවේදී එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් සිය එකඟතාවය පලකරනු ලැබූ බවයි මනෝ ගනේෂන් මන්ත්‍රිවරයා සිය ට්විටර් සටහන ඔස්සේ සඳහන් කර ඇත්තේ.මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ පක්ෂයේ සමගිය වෙනුවෙන් ඕනෑම තීරණයකට තමා සූදානම් බවයි.

එමෙන්ම මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසුරිය සහ හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර සාකච්ජාවක්ද පැවති බවයි මනෝ ගනේෂන් මන්ත්‍රිවරයා වැඩිදුරටත් සිය ට්විටර් සටහන ඔස්සේ සඳහන් කර ඇත්තේ.

-nethgossip.lk-

ර්

Leave a Reply

  Subscribe  
Notify of