ළමයි දෙන්නව පන්ති කාමරයේ තනිකර ඉබි යතුරු දා ගුරුතුමිය ගෙදර ගිහින්

මාතර,උයන්වත්ත ආදර්ශ කණිටු විදුහලේ හතරවැනි ශ්‍රේණියේ දැරියන් දෙදෙනකු පාසලේ දෙමහල් ගොඩනැගිල්ලක සිටියදී, ගුරුවරිය එම ගොඩනැගිල්ලට​ දොරගුළු දමා ගෙදර ගිය පුවතක් වාර්තා වෙයි. පසුව පොලිස් නිලධාරීන් පැමිණ ඉබි යතුරු කඩා දැරියන් දෙදෙනා පිටතට ගෙන ඇත. ඉකුත් 26 වැනිදා මෙම සිද්ධිය වී තිබේ.

එදින විදුහලේ හතරවැනි ශ්‍රේණියේ උපකාරක පන්ති අවසන් වීමෙන් අනතුරුව දැරියන් දෙදෙනා උඩු මහලේ සිටියදී ගුරුවරිය බිම් මහලේ දොර අගුළු දමා පිටව ගොස් ඇතැයි දෙමාපියෝ පවසති.

දැරියන් දෙදෙනා ගොඩනැගිල්ලේ සිටින වෙනත් ළමයින් දෙදෙනකු දැක ඇත. පසුව මේ බව දෙමාපියන්ට සැලවීමෙන් එතැනට පැමිණි දැරියකගේ මවක් මෙම සිද්ධිය පොලිසියට දන්වා එම ස්ථානයට පොලිසිය ගෙන්වාගෙන ඇත.

පන්ති අවසන් වී ගොඩනැගිල්ලේ ඇතුළත පඩිපෙළ ඔස්සේ විට ගුරුවරිය ගොඩනැගිල්ලේ ඉබි යතුරු දමා පිටව ගිය බව සිසුවියෝ දෙදෙනා කියති. ‘හතර වසර පන්ති දෙකක් තියෙනවා. ඒකේ ළමයි 84ක් වගේ ඉන්නවා. පන්ති දෙකම ඉවර වී පොත්, බෝතල් බෑගයට දමාගෙන මමයි යාළුවයි පඩිපළෙන් බිමට බසිද්දී ටීචර් ඉබි යතුරු දමා යන්නට ගියා. අපි ටීචර්…… ටීචර්….. කියා කෑගැහුවත් ටීචර්ට ඇසුණේ නෑ.

ඇය ගියපු නිසා පසුව හයියෙන් වීදුරුවට ගසා කෑ ගසද්දී පිරිමි ළමයින් දෙන්නෙක් අප දැක්කා. එළියේ හිටපු එයාලා තමයි අපි දෙන්නා ඇතුළේ හිරවෙලා ඉන්න බව කියලා තියෙන්නේ. අපි හොඳටම බය වුණා. වටේම වීදුරු නිසා හුස්ම ගන්නත් අමාරුවෙන් සිටියේය’ යැයි සිද්ධියට මුහුණ පෑ එක් දැරියක් මෙහිදී පවසා සිටියාය.

මේ පිළිබදව දෙමාපියන් මාතර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක්ද කර තිබේ.

උපුටා ගැනීම -අරුණ පුවත්පත (රමේෂ් ගුණසේකර)

Leave a Reply

  Subscribe  
Notify of