විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට එවන මුදල් සඳහා පනවා තිබූ සම්ප්‍රේෂණ බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.පිටරටවල සේවය කරනු ලැබූ ශ්‍රී ලංකිකයින් මෙරටට එවන මුදල් සඳහා මෙතෙක් කාලයක් බද්දක් අය කල අතර නව තීරණයත් සමඟින් එය සම්පූර්ණයෙන්ම අහෝසි වී යනු ඇති.

සාමාන්‍යයෙන් වසරකදී ලක්ෂ දෙකකට වඩා වැඩි පිරිසක් විදෙස්ගත වන අතර ඉන් බහුතරය පිරිමි අය යි.එයින්ද වැඩි දෙනෙකු එක්සත් අරාබි එමිර් රාජ්‍යය බලා පිටත්වෙන අතර සවුදිය ඇතුලු අරාබි රටවල් වලට යන පිරිසද සැලකිය යුතු අගයක් ගනු ලබනවා.

මෙලෙස රැකියා සඳහා යන බහුතරය කුරුණෑගල සහ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන පිරිස් ය.

Leave a Reply

  Subscribe  
Notify of