උතුරේ සරසවි සිසුන් කිහිප දෙනෙකු සහ කොටි හිතවාදීන් විසින් මහ විරු සැමරුම සිදු කරනා විට ඔවුන්ටත් ආදර්ශයක් ලබා දෙන ක්‍රියාවක පොලීසිය නිරත වී තිබුනා.ඒ ජනාධිපතිතුමාගේ සංකල්පයක් යටතේ සිදු කරන පරිසරය පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය යටතේයි.

මේ ඒ සම්බන්ධයෙන් ada.lk පල කල වාර්තාව

ජනහිතකාමී සෞඛ්‍ය ආරක්ෂිත පරිසරයක් ගොඩනැගීමේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයට අනුව උතුරේ පොලිස් නිලධාරීන්ද නගර අලංකාරය වෙනුවෙන් පිරිසිදු කිරීමට පියවර ගෙන ඇත.

වව්නියාව, මන්නාරම හා යාපනය පොලිස් නිලධාරීන් විසින් නගරයේ පිහිටි කසල පද්ධති මෙන්ම කසල එක්රැස්වන ස්ථාන පිරිසිදු කිරීමට පියවර ගත් අතර නගරයේ වෙළෙන්ඳන්ටද තම ව්‍යාපාරික ස්ථාන පිරිසිදුව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් උපදෙස් ලබා දීමටද පියවර ගෙන තිබුණි.

මේ අතර යාපනය පොලීසිය විසින් නගර අලංකාරය සඳහා පිරිසිදු කිරීම් සිදු කරන කටයුත්තට යාපනය මහනගරාධිපති එමානුවේල් ආනෝල්ඩ් මහතාද සහාය දක්වමින් කසල ඉවත් කිරීමේ කටයුත්තට සහභාගි විය.

මේ දිනවල උතුරු පළාතේ පිහිටි නගරයන්හි කසල එක්රැස් වන ස්ථාන පිරිසිදු කිරීමේ කටයුතු වරින් වර පොලිස් ස්ථානයන්හි සේවයේ නිරත පොලිස් නිලධාරීන් විසින් සිදු කරනු ලබන අතර නගර ඉදිරියටත් පිරිසිදුව තබා ගැනීම සඳහා මහජනතාවගේද සහාය අවශ්‍ය බවට පොලීසිය උතුරේ වැසියන්ගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

  Subscribe  
Notify of