ගුවන් යානයේදී රෝගියාගේ මුත්‍රා බටයෙන් කටට ගෙන උරා දමා ජීවිතය බේරා දුන් උතුම් මිනිසෙක්

චීනයේ සිට ඇමරිකාවේ නිව්යෝක් දක්වා මගින් රැගත් ගුවන් යානය පියාසර කරමින් තිබු අතර ඒ අතරතුර යම් කෙදිරියක් ගුවන් මගියෙකු ගෙන් ඇසෙන්නට වූ අතර පසුව ඒ ගැන විපරම් කල මගීන්ට හා ගුවන් සේවිකාවන්ට දැකගත හැකිවුයේ වයස 70 ක පමණ ගුවන් මගියෙකු දැඩි අපහසුතාවයකින් පෙලෙන බවයි…

පසුව ගුවන් සේවිකාවන් ඒ මගියා ට සහය වීමේ කටුයුතු ඇරඹු අතර එහෙත් ඔවුන්ට අවබෝධ වුයේ ඒ ගුවන් මගියා , වෙද්‍යවරයෙකු ගේ උපකාර අවශ්‍ය මට්ටමකට පත් වී සිටින බවයි…පසුව ගුවන් සේවිකාවන් මගීන් අමතමින් ගුවන් යානය තුල වෙද්‍යවරයෙකු සිටි නම් පැමිණෙන ලෙස දැනුම් දී ඇත..
ඒ සමගම ගුවන් යානය තුල සිටි වෙද්‍යවරුන් දෙදෙනෙකු ඉදිරිපත් වී ඇති අතර වෙද්‍යවරුන් දෙදෙනා රෝගී පුද්ගලයා පරික්ෂා කිරීමෙන් පසුව රෝගී පුද්ගලයා මුත්‍රා පිට නොවීමේ තත්වයකින් දැඩි අපහසුවෙන් පසු වෙන බව අවබෝද කර ගෙන තිබු අතර ඒ සදහා කඩිනම් මුත්‍රා පිටතට ගත යුතු බව අවබෝධ කර ගෙන ඇත…එසේ නොවුවහොත් රෝගියා දැඩි අවධානමකට මුහුණ දීමේ තත්වයක් කරා ලං ව තිබුණු බව ඔවුන්ට අවබෝධ විය .

එහෙත් ඒ සදහා ඔහුගේ මුත්‍රා කඩිනමින් ඉවත් කිරීමට කැතිටයක් අවශ්‍ය වූ අතර, ගුවන් සේවිකාවන් සොයා බැලීමේදී කැතිටයක් ගුවන් යානය තුල නොතිබුණි…

එහෙත් පවතින තත්වය මත එම මොහොතේ එය ඉතා අත්‍යවශ්‍ය වූ හෙයින් ඒ සදහා කඩිනමින් වෙද්‍යවරුන් දෙදෙනා ඒක් වී තාවකාලික ලෙස කැතිටයක් නිර්මාණය කිරීමට උත්සාහ දරන ලදී

ඔවුන්ගේ උත්සාහය යම් පමණකින් සාර්ථක වූ අතර , ඔවුන් කෙසේ හෝ කැතිටයක් තවකාලිකව නිර්මාණය කරගෙන තිබුණි..ඒ සදහා ඔවුන් භාවිතා කලේ සිරින්ජරයක් , මුහුණ ආවරණය කරන උපකරණයකින් ගත් බටයකි…පසුව තාවකාලිකව තනා ගත් මුත්‍රා ඉවත් කිරීමේ උපකරණය වෙද්‍ය ශැන් හොං රෝගියාගේ මුත්‍රා මාර්ගයට සම්බන්ද කරන ලදී

එහෙත් වෙද්‍ය ශැන් හොං බලාපොරොත්තු වූ පරිදි මුත්‍රා ඉන් පිටතට නොපැමිණි අතර ඒ සමගම රෝගියාගේ බිරිද හා ගුවන් සේවිකාවන් ගේ මුහුණ නැවත වඩාත් දුක්මුසු වෙන්නට වූ අතර රෝගියාගේ විලාපය වැඩි වන්නට විය….එහෙත් ගත වුයේ නිමේෂයකි සියලු දෙනා පුදුමයට පත් කරමින් වෙද්‍ය ශැන් හොං තමන් පිළියෙළ කල කැතිටය උරන්නට වූ අතර ඒ සමග මුත්‍රා පිටතට පැමිණි අතර එසේ තමන් උරා පිටතට ගන්නා රෝගියාගේ මුත්‍රා පසුව හිස් බෝතලයකට

ඔහු කටින් ඉවත් කර එකතු කරන ලදී …

වෙද්‍ය ශැන් හොං මෙසේ නොකඩවා මිනිත්තු 37 ක් තුලදී රෝගියාගෙන් මුත්‍රා ලීටර 1/2යක් පමණ තම මුඛයෙන් ඉවත් කරමින් පසුව බෝතලයකට එකතු කල අතර ඒ තුලින් රෝගියාගේ තිබු අවධනම පහව ගොස් විලාප නැගීමද ක්‍රම ක්‍රමයෙන් නැවති සාමන්‍ය තත්වයට පත් වූ අතර ඔහු කරදරයකින් තොරව ඇමරිකාව බලා ගමන් කරන්නට වී ඇත…

තමාට සිදුකල උපකාරයට රෝගියාත් ඔහුගේ බිරිදත් වෙද්‍ය ශැන් හොං ට අනිත් වෙද්‍යවරයාටත් තම ස්තුතිය පුද කල අතර ගුවන් යානය තුල සිටි ගුවන් මගින් හා ගුවන් සේවිකාවන්ද වෙද්‍ය ශැන් හොං ට අනිත් වෙද්‍යවරයාටත් තම ගරුත්වයත් ස්තුතියත් පුද කර ඇත …
වැඩ වර්ජන බහුලව කරන වෙද්‍යවරුන් සිටින සමජයක මෙවන් වෙද්‍යවරුන්ද මේ ලොව තුල ජිවත් වේ…ඔවුන්ට ජාතිය , ආගම හෝ වේලාව අදාල වන්නෙම නැත…

මේ ගැන වෙද්‍ය ශැන් හොං පවසන්නේ වෙද්‍යවරුන්ගේ යුතුකම වන්නේ රෝගීන්ට සහය වීම බවත් තමන්ද ඉටු කලේ රෝගියෙකු වෙනුවෙන් තමන්ගේ යුතුකමක් හා වගකීමක් බවයි…

ජෝසප් ඩයස් (Joseph Dias )
JSD News Line

Leave a Reply

  Subscribe  
Notify of