ඇමති රිෂාඩ්ගේ පිරිස ගම්වාසීන්ට පහර දීලා.ඊයේ එල්ල වූ ගල් ප්‍රහාරයට හේතුව මෙන්න (VIDEO )

හිටපු අමාත්‍ය රිශාර්ඩ් බදිඋදින් මහතා ගමන් ගත් රථ පෙලකට ඊයේ දිනයේදී ගල් මුල් ප්‍රහාරයක් එල්ල වී තිබුනා.මෙය විරුද්ධවාදින් විසින් සිදු කල ක්‍රියාවක් බවට ඔහුගේ පාර්ශවය චෝදනා කලා.

නමුත් මේ පිලිබඳව සොයා බැලීමේදී හෙලි වූ කරුණක් වූයේ ඊයේ දිනයේදී කල්පිටිය ආශ්‍රිත ප්‍රදේශයේ රිෂාර්ඩ් බදිඋදින් අමාත්‍යවරයා විසින් රැස්වීම් කිහිපයක් පවත්වා ඇති බවයි.ඉන් පසුව ඔහුගේ පිරිස විසින් ප්‍රදේශයේ රථ වාහන පෙලපාලියක් ගමන් කොට ඇති අතර එහිදී ඔවුන් සහ ගම් වැසියන් අතර ගැටුමක් සිදුව තිබෙනවා.ඔහුගේ ගෝලයින් විසින් ගම් වැසියන්ට පහර දී තිබෙන අතර එම පහර දීම නිසා තරුණයින් දෙදනෙක් තවමත් රෝහලේ පසුවන බවයි වාර්තා වන්නේ.

මෙම සිදුවීමට අදාළව රිෂාර්ඩ් බදිඋදින් මහතාගේ පාර්ශවයෙන් චෝදනා එල්ල වූයේ කල්පිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වන මොහොමඩ් අලවුදීන් මහතාටයි.නමුත් තමාට එල්ල වන චෝදනා පිලිබඳව අදහස් දක්වන ඔහු කියා සිටින්නේ බදි උදින් අමාත්‍යවරයා විසින් ජාතිවාදය අවුස්සමින් ප්‍රදේශය පුරා රැස්වීම් පවත්වන බවයි.

කෙසේ වෙතත් මැතිවරණයක් නිමවුන පසුව සිදුවන මෙවැනි ක්‍රියාවන් පිලිබඳව ආරක්ෂක අංශවල අවධානය යොමු විය යුතු අතර හිටපු අමාත්‍යවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල යුතු බව ගම්වාසීන් පවසනවා.

අදාළ සිදුවීම පිලිබඳව ස්වර්ණවාහිනියේ වීඩියෝව පහතින්

ජනපතිවරණයෙන් පසුවත් රිෂාඩ් බදියුර්දීන් ජාතිවාදය වපුරන බවට චෝදනා

Posted by Live at 7 on Monday, November 25, 2019

Leave a Reply

  Subscribe  
Notify of